(හේමලතා ඩී.හේවගේ)
පන්නල පල්ලේගම ප්‍රදේශයේ පරිසර බලපත‍්‍රයක් නොමැතිව ජනතා විරෝධය මැද පවත්වාගෙන ගොස් ඇති බව කියන ඌරු ගොවිපලක් අද (09) සවස පළාත් පරිසර අධිකාරියේ අධ්‍යක්ෂ සමන් ලෙන්දූව මහතා ඇතුළු නිලධාරීන් පිරිසක් සහ මහජන සෞබ්‍ය පරීක්ෂකවරු විසින් පරීක්ෂාවට ලක් කලහ.
මෙම ඌරු ගොවිපල හේතුවෙන් ප‍්‍රදේශයේ ජනතාවට දිගින් දිගටම සිදුවන පීඩාව සම්බන්ධයෙන් මහජන සෞබ්‍ය පරීක්ෂක සංජය වන්නිනායක මහතා විසින් කුලියාපිටිය මහේස්ත‍්‍රාත් අධිකරණයේ නඩුවක්ද ගොණුකර ඇති බව සඳහන් වේ.
එම නඩු විභාගයෙන් අනතුරුව පරිසර බලපත‍්‍ර ලබාගන්නා තෙක් ඌරූ ගොවිපලේ සතුන් විදිමත්ව බැහැර කර ගොවිපල වසාදැමීමට කුලියාපිටිය මහේස්ත‍්‍රාත්වරයා නියෝග කළේය.
පරිසර නිලධාරීන් මෙම ගොවිපල පරීක්ෂා කරන අවස්ථාවේ එහි පැමිණි ප‍්‍රදේශවාසීන් පිරිසක් ගොවිපල ඉදිරිපිටදී විරෝධතාවයක ද නිරත වූහ.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd