IMG-LOGO

2025 සැප්තැම්බර් මස 27 වන සෙනසුරාදා


විශ්‍රාමිකයන්ගේ ජූලි මස හිඟ මුදල මේ මාසයේ වැටුපට එකතුවී නෑ

(ජයන්ත සමරකෝන්)

පසුගිය ජූලි මස සිට ලබාදෙන බවට රජය පොරොන්දු වූ රාජ්‍ය සේවා විශ්‍රාම වැටුප් විෂමතාවය නිවැරදි කිරීමක් අද (09) ලබාදුන් විශ්‍රාම වැටුපටද නොලැබී ඇති බව විශ්‍රාමිකයෝ චෝදනා කරති.

2017 ට පෙර විශ්‍රාම ගිය විශ්‍රාමිකයින් 5,75000 කට මෙම සහනය ලැබෙන බවට රජය ප්‍රකාශ කර තිබු‍ණේ ජූනි මාසයේ වන අතර ඒ පිළිබඳව රාජ්‍ය පරිපාලන චක්‍රලේඛය නිකුත් කළේ ඉකුත් ජුනි 11 වැනිදාය.

මෙම මස විශ්‍රාම වැටුපට ජුලි හිඟ වැටුපද එකතුකර විෂමතාවය සකසන ලෙසට රාජ්‍ය පරිපාලන අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර මහතාද ප්‍රකාශ කර තිබුණි.

එහෙත් තමන්ට මෙම මාසයේ විශ්‍රාම වැටුපට කිසිඳු මුදලක් වැඩිවී නැතැයි එම විශ්‍රාමික පිරිස් ප්‍රකාශ කරති.

පසුගිය ජුලි මස විශ්‍රාම වැටුපට මෙම වැටුප් විෂමතාවය නිවැරදි කර තිබුණේ ප්‍රාදේශීය ලේකම් කාර්යාල 331 කදී 7000 කට පමණක් බවටද වාර්තා විය.

මේ පිළිබඳව කොළඹ දිස්ත්‍රික් ලේකම් සුනිල් කන්නන්ගර මහතාගෙන් කරන ලද විමසීමකදී ඒ මහතා කියා සිටියේ කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කාර්යාල 13 කදී 2017 ට පෙර විශ්‍රාම ගිය 65000 ක් අතරින් 25000ක ගේ පමණ විෂමතාවය ඉවත්කර නව වැටුප ගෙවා ඇති බවය.

මේ අතර සන්නද්ධ හමුදා විශ්‍රාමිකයින් 51000 කගේ පමණ වැටුප් විස්තර මේ දක්වා නොලැබී ඇති බැවින් ලබන සැප්තැම්බර් මාසයේදී එය නිවැරදි කිරීමට නොහැකි වන බවට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරීහු පවසති.

 

 



අදහස් (1)

විශ්‍රාමිකයන්ගේ ජූලි මස හිඟ මුදල මේ මාසයේ වැටුපට එකතුවී නෑ

wishramikaya Friday, 09 August 2019 04:43 PM

කණගාටුදායක රාජ්‍ය සේවයක් අපට දැන් තියෙන්නේ. විශ්‍රාමිකයන්වත් බදවාගෙන මේවා නිවැරදි කිරීමට පියවර ගත්තොත් හොඳයි නේද? නැත්නම් සැප්තැම්බර් වලත් නැතිව යයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 32414 39


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14918 10


අනුර -ට්‍රම්ප් හමුවේ
2025 සැප්තැම්බර් මස 24 9890 15

මේවාටත් කැමතිවනු ඇති

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 107 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 385 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1315 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

Our Group Site