(ලුණුගල ප්‍රසන්න පත්මසිරි)
“අපේ රටට දැන් ශක්තිමත් හොද පෞරුෂයක් තිබෙන ජනාධිපතිවරයෙක් අවශ්‍යයි. එහෙම නැතුව මේ රට
ගොඩ ගන්න බැහැ..“යැයි පාර්ලිමේන්තු මන්ත්‍රි නිමල් සිරිපාලද සිල්වා මහතා අද 10 පැවසීය.
බදුල්ල දෙමෝදර ඌව පළාත් සභාව මගින් අළුතින් ඉදිකළ ආදාහනාගාරය විවෘත කරමින් නිමල් සිරිපාලද සිල්වා මහතා එසේ කීය.
“නායකයාගේ නම කියන කොට කවුරුත් නැගිටින නායකයෙක් නැතුව මේ රට හදන්න බෑ. එවැනි
ශක්තිමත් නායකයෙක් හදන්න දායකවීම තමයි අපි මේ යුගයේ කළ යුත්තේ... අපි යුගයේ කාර්යභාරය මැනවින්
ඉටුකරනවා. අන්තවාදයට එරෙහි වන ජාතික ආරක්ෂාව ගැන හිතන නායකයෙක් හා ජනතාව ගැන හිතෙන නායකයෙක් හදන්න ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දැන් ඉතාම නම්‍යශීලීව හා ව්‍යාප්ත ලෙස හිතලා ජනතාව පැත්තෙන් තීන්දුවක් ගෙන අපි ගමට ඇව්ත් ජනතාවට කියනකම් ඉන්න... දැන් ඒ දේට මංපෙත් විවර වී තියෙනවා“ යැයි නිමල් සිරිපාලද සිල්වා මහතා පැවසීය.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය මොනවා දෙඩුවත් ජනතාව ඉස්සරට වැඩිය බුද්ධිමත් කියලා විතරක් මතකයේ තබා ගත්තොත් හොඳයි.
පාර්ලිමේන්තුවට ගියත්, රැස්වීමකට ගියත්, තැනක් නොතැනක් නැතිව නිදා වැටෙන කෙනෙක් අනුන්ගේ පෞරුෂය ගැන කතා කරනවා. මේවාට හිනා යනවා.
දැන්ද නිමල් සිරිපාලට මතක් වෙලා තියෙන්නේ ඇමතිකමේ ඉන්නකොට මතක නැහැ.
පෞරුෂය තිබ්බට වැඩක් නැහැ ඔලුවක් නැත්තම්. ඔලුව තිබ්බට වැඩක් නැහැ තැනට ඔබින විදිහට හසුරුවන්න බැරිනම්. මේ හැමෝටම නැත්තෙත් ඔය කියන දේවල් තමයි
අපේ රටට කිසිම දේශපාලන පක්ෂයක් නියෝජනය කරන ජනපතිවරයෙක් අනවශ්‍යයි. ජනපතිවරයා කිසිම දේශපාලන පක්ෂයකට කඩේ යාම කිසිවිටක නොකළ යුතුයි. එසේ කල ජනපතිවරයෙක් පත් කල නොහැකිනම් රටේ පාලනය වහාම හමුදාවට භාර දිය යුතුය.