IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


වැස්සෙන් ගාල්ලේ වසම් 76 ක පවුල්163 ක් විපතට

(සිරංගිකා ලොකුකරවිට සහ ජේ කේ එල් චාමින්ද )

ගාල්ල දිස්ත්‍රික්කයට පසුගිය දින දෙක තුල ඇතිවූ දැඩි සුළං හා වැසි සහිත අයහපත් කාලගුණය හේතුවෙන් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 17ක ග්‍රාම නිලධාරි වසම් 76ක පවුල් 163ක සාමාජිකයින් 528ක් පීඩාවට පත්වී ඇතැයි ගාල්ල දිස්ත්‍රික් ආපදා සහන සේවා මධ්‍යස්ථානය සඳහන් කරයි.

බද්දේගම හා බෝපෙ පෝද්දල නිවෙස් දෙකකට ගස් කඩාවැටීම හේතුවෙන් පුද්ගලන් දෙදෙනකුට තුවාල සිදුවී ඇත. දිස්ත්‍රික්කයේ නිවාස දෙකකට පූර්ණ හානි සිදුවී ඇති අතර අර්ධ ලෙස හානිවූ නිවාස සංඛ්‍යාව 159කි. ව්‍යාපාර ස්ථාන පහකට ද හානි සිදුවී ඇත. සුළඟින් අතු කඩාවැටීම හේතුවෙන් බද්දේගම වැයිහේන කනිෂ්ඨ විද්‍යාලයට හා බෝපෙ පෝද්දල කොට්ඨාසයේ වටරැක කනිෂ්ඨ විද්‍යාලයට හානි සිදුවි ඇත. දිස්ත්‍රික්කයේ විහාරස්ථාන තුනකට ද අතු කඩාවැටීම හේතුවෙන් හානි සිදුවී ඇත.

ආපදා සිදුවූ අයට සහනාධාර ලබාදීම සහ වන්දි ගෙවීම සඳහා තක්සේරු කිරීමේ කටයුතු ගාල්ල දිස්ත්‍රික් ලේකම්වරාගේ පූර්ණ අධීක්ෂණය යටතේ ආපදා සහන සේවා මධ්‍යස්ථානය මගින් සිදුකිරීමට කටයුතු යොදා ඇති බව සඳහන් වේ.



අදහස් (0)

වැස්සෙන් ගාල්ලේ වසම් 76 ක පවුල්163 ක් විපතට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 791 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 587 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 463 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site