(අජිත්ලාල් ශාන්තඋදය සහ අරුණ එස් හේරත්)
රත්නපුර පැල්මඩුල්ල පාරේ ලේලොපිටියේදී අද (11) සවස එකම දිසාවට ධාවනය වූ යතුරු පැදියක් සහ පෞද්ගලික බස් රථයක් ගැටීමෙන් යතුරුපැදිකරු එම ස්ථානයේදීම මියගිය බව රත්නපුර පොලිසිය පැවසීය.
මියගොස් ඇත්තේ සන්නස්ගම, පාලූගම්පොළ, හේන්යාය පදිංචිව සිටි එන්.ජේ.කේ. රෝහිත කුංලතුංග නැමැති 36 හැවිරිදි තිදරු පියෙකි.
ඔහු ලෙල්ලොපිටිය ප‍්‍රදේශයේ පිහිටි පෞද්ගලික ඇඟලූම් කම්හලක සේවකයෙක් බවද පොලිසිය පැවසීය.
අනතුරටපත් යතුරු පැදියත් පෞද්ගලික බස් රථයත් රත්නපුර දෙස සිට පැල්මඩුල්ල දෙසට ධාවනය වී ඇති බව පොලිසිය පැවසීය.
අනතුර සිදුවූ ආකාරය අනාවරණය කර ගැනීම සඳහා පොලිසිය පරීක්‍ෂණ පවත්වයි. අනතුරට ලක්වූ පෞද්ගලික බස් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇත.
2025 දෙසැම්බර් මස 16
42
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
838
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
606
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
යතුරු පැදිය බසයේ ගැටී පුද්ගලයෙක් මරුට