(රාස්සගල සම්පත් ප්‍රියනන්දන සහ ඉඔුල්පේ නාලක ජේ හෙට්ටිආරච්චි)
නිදහසෙන් පස්සේ අවුරුදු 70ක් මේ රට අවුරුදු පහෙන් පහට මාරුවෙන් මාරුවට රට පාලනය කළ කිසිම බල වේගයක් හෝ කිසිම දේශපාලන නායකයෙක් මේ රට ගොඩනගන්න කටයුතු කර නැතැයි බොදු බල සේනාවේ මහලේකම් රාජකිිය පණ්ඩිත පූජ්‍ය ගලගොඩ අත්තේ ඥණසාර හිමියෝ පවසති.
"දැයම එකම රොදකට" මැයෙන් බලන්ගොඩ සුදර්ශන මහා විහාරස්ථානයේ පැවැති බොදු සමුළුව අමතමින් අද (10) පස්වරුවේදි උන් වහන්සේ මෙම අදහස් පළකලහ.
තවදුරටත් අදහස් දැක්වූ ඥාණසාර හිමියෝ මෙසේද කීහ.
‘‘විවිධ හේතුන් නිසා දුර්වල වෙලා, නිර්වින්දනය වෙලා, අරමුණක් නැතිව අයාලයේ යන මේ ජාතිය ගොඩනගන්න වැඩ පිළිවෙලක් මේ එක නායකයෙකුටවත් නැහැ. අපි එක විදිහක හිටපු ජාතියක් නිල් පාට, කොළ පාට, රතු පාට කියලා පාට වලට, පක්ෂ වලට බෙදලා දුර්වල කරලා තිබෙනවා. ඒ දුර්වල කිරිම නිසාම අද මේ රටේ මිනිස්සු තමන් විශ්වාශ කරන සාම්ප්‍රදායික දේශපාලන ධාරවට හූ කියන තැනට පත්වෙලා. සිංහල මිනිස්සු සිංහල දේශපාලනඥයින්ට හූ කියනවා. විරෝධය පළ කරනවා. දෙමල මිනිස්සු දෙමල දේශපාලඥයින්ට හූ කියනවා. විරෝධය පළ කරනවා. සාම්ප්‍රදායික දේශපාලන රටාව මේ වනවිට ජාතිය හමුවෙි අැද වැටි තිබෙනවා‘‘ යැයිද ඤණිසාර හිමියෝ වැඩිදුරටත් පැවසූහ.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සහතික ඇත්ත හාමුදුරුවනේ ඔබවහන්නේගේ කථාව. බුදු හිමියන් අනුදැන වදාලා ලිච්ඡවීන්ගේ පාලන ක්‍රමය දියුණවට හේතුවෙනවා කියල. වර්තමාන පාලකයින් එයට සූදානම් වුවත් බුදුහිමියන් වදාල පරිදි නිතර රැස්වීම සමගිව සාමාකාමීව සාක්ච්ඡාකර තීන්දු තීරණ ගැනීම සමගිව විසිරයාම වැනි කරුණු සමහරක් ජනතා නියොජිතයෝ දන්නේම නැහැ. ඒ අය සැමදාම බලන්නේ රට ගැන නොවේ තමා ගැනත් තමාගෙන් පසුව දරු පරම්පරාවටත් රජකම ලැබෙන බෙදී සිටීමේ ක්‍රමයක් පමණයි. එනිසා දැන්වත් ජාතික නායකයෙක් මෙන්ම ජාතික ප්‍රතිපත්තියක් ඇතිකර ජාතිය බෙදී සිටින ක්‍රමයට තිත තියමු. දක්ෂයාට තැනක් ඇතිකරමු. උගතුන් බුද්ධිමතුන් දේශපාළුවන් පසුපස යාම නතරකරමු.
ඇත්ත එයයී
ඔව් අපේ හාමුදුරුවනේ