(ගල්කිරියාගම කුෂාන් ජයවර්ධන)
කැකිරාව හෝරාපොල ප්‍රදේශයේ වගා බිමක ඇති අඩි 25ක් පමණ ගැඹුරැති අනාරක්ෂිත වගා ළිඳකට අලි දෙදෙනෙකු ඊයේ (02) රාත්‍රී කාලයේදී ආහාර සොයායන අතරේදී වැටී තිබේ.
මෙම අලි දෙදෙනා අතර වයස අවුරුදු 04ක් පමණ වන අලි පැටවකු හා අවුරුදු 25ක් පමණ වන අලියෙකු වන බව වනජීවී නිලධාරීහු පවසති.
මේ දිනවල ප්‍රදේශයට බලපා ඇති දැඩි වියළි කාලගුණයත් සමග මතුව ඇති ආහාර හා ජලය හිඟය හේතුවෙන් කලාවැව ජාතික උද්‍යානයේ සිටින වල් අලින් නිරන්තරයෙන් ගම් වැදීම සිදුවේ. මෙම අලි දෙදෙනාද එසේ පැමිණෙන්නට ඇතැයි වනජීවී නිලධාරීහු පවසති.
ළිඳේ වැටී සිටින අලි දෙදෙනා ගොඩ ගැනීම සඳහා ගල්කිරියාගම වනජීවී කාර්යාලයේ නිලධාරීන් මේ වනවිට මෙහෙයුම් අරඹා තිබේ. කලාවැව ජාතික උද්‍යානයේ කටයුතුද බාර ගල්කිරියාගම වනජීවී කාර්යාලය සතුව ජේ.සී.බී යන්ත්‍රයක් නොමැතිකමින් මේ වනවිට එම මෙහෙයුම් දියත් කිරීමේ ප්‍රමාදයකටද වනජීවී නිලධාරීන්ට මුහුණ දීමට සිදුවී තිබේ.
රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්
මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
අලිදෙදෙනෙක් වගාළිඳක