(ඡායාරූප හා සටහන- මස්කෙළිය ගාමිණී බණ්ඩාර ඉලංගන්තිලක)
ගිනිගත්හේන විවිධ සේවා සමූපාකාර සමිතියට අයත් ප්‍රධාන ගොඩනැගිලි පරිශ්‍රයේ අද (03) ගිනි ගැනීමක් ඇතිවු බව ගිනිගත්හේන පොලිසිය පවසයි.
එම ගොඩනැගිලි පරිශ්‍රයේ පවත්වාගෙන යන ටයිල් හා ගොඩනැගිලි ඉදිකිරිම් ද්‍රව්‍ය අලෙවිසළක අද පෙ.ව.10.30 පමණ ගිනි ගැනීමක් සිදුවී තිබේ. ගින්න ඇතිවන අවස්ථාවේ වෙළඳසැල් හිමියන් වසා දමා ඊට ආසන්නයේ පැවති උපකරණ වෙන්දේසියක් සඳහා සහභාගි වෙමින් සිට තිබේ.
ගිනිගැනීමෙන් එහි වූ ටයිල් ඇතුළු ද්‍රව්‍ය කීපයකටම හානි සිදුවී තිබේ.
ගිනි ගැනීමත් සමග පිටවූ දුමාරය නිසා අවට වෙළඳසැල් හිමියන් විසින් කෑකෝ ගැසීමත් සමග එම වෙළඳසැලේ හිමියන් පැමිණ දොර විවෘත කර ප්‍රදේශවාසීන්ගේද සහයෝගය ඇතිව ගින්න පාලනය කිරීමට පියවර ගෙන ඇත.
එම නිසා ගින්න නිවී ගිය අතර පුද්ගල හෝ ජීවිත හානි සිදු නොවීය.
ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර ගිනිගත්හේන පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වයි.
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
සමුපකාර ගොඩනැගිල්ලක ගින්නක්