(කටුනායක ටී.කේ.ජී.කපිල)
විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට ගෙන ආ ශ්‍රී ලාංකික ගුවන් මගියෙකු අද (03) අලුයම කටුනායක ගුවන් තොටුපළ පැමිණීමේ පර්යන්තයේදී රේගු නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන ඇති බව රේගු මාධ්‍ය ප්‍රකාශක, අතිරේක රේගු අධ්‍යක්ෂ ජනරාල් සුනිල් ජයරත්න මහතා පැවසීය.
මොහු ගාල්ල, ඉමදුව ප්‍රදේශයේ පදිංචි 33 හැවිරිදි ව්‍යාපාරිකයෙකි.
ඔහු අද (03) අලුයම 5.40 ට ඩුබායි සිට පැමිණි ෆ්ලයි ඩුබායි ගුවන් සේවයේ FZ- 547 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි.
ඔහු විසින් රැගෙන පැමිණ තිබූ ගමන් මල්ලේ මෙම ඩුබායි හි නිෂ්පාදිත රුපියල් 6,50,000 ක් වටිනා දුම්වැටි 13,000 ක් අසුරා ගෙන තිබියදී රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබුණි.
මෙම අත් අඩංගුවට ගැනීම රේගු අධිකාරිවරුන් වන එච්.ඊ.ඩී. පෙරේරා, ජී.එස්.චන්ද්‍රසිරි, සහකාර රේගු අධිකාරිවරුන් වන උමංග ද සිල්වා, ඩබ්ලිව්.ඒ.ඩබ්ලිව්. සමීර, එස්. එච්.එල්. රණසිංහ සහ පී.ඩී.එන්. ගමගේ යන මහත්වරු මෙහෙයවූහ.
මේ පිළිබඳව වැඩිදුර විමර්ශන කටයුතු අතිරේක රේගු අධ්‍යක්ෂ සමන් රණවන මහතාගේ උපදෙස් මත, කටුනායක ගුවන් තොටුපළ රේගු අධ්‍යක්ෂ රජිකා ගන්කේවෙල මහත්මියගේ අධීක්ෂණය යටතේ නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂවරුන් වන පීටර් ගුණවර්ධන සහ තිලක් සුරවීර යන මහත්වරු සිදුකළහ.
මේ පිළිබඳව විධිමත් රේගු පරීක්ෂණය නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂ එස්.ඒ.ටී.බී. සුරවීර මහතා විසින් පැවැත්වූ අතර , එහිදී මෙම දුම්වැටි තොගය රාජසන්තක කර, මෙම ගුවන් මගියාට රුපියල් 50,000ක දඩ මුදලක් ගෙවන ලෙසද නියෝග කළේය.

2025 දෙසැම්බර් මස 04
694
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
554
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
450
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
නීතිවිරෝධී දුමිවැටි ගෙන්වූ මගියෙකු අත්අඩංගුවට
saman Saturday, 03 August 2019 11:22 AM
මෙච්චර ලොකු තොගයක් නම් කොහොමත් අල්ලන්න ඕන. වැඩේ කියන්නේ අපිට බය පාවිච්චියට ගෙන පැකට් 10 - 12 ත් අල්ලනවානේ..