( පුෂ්පකුමාර මල්ලවආරච්චි)
මීරිගම බාදුරාගොඩ ප‍්‍රදේශයේදී කසිප්පු බීමෙන් පසු රෝගාතුරව හෘදයාබාධයකට ලක්ව මියගිය ජයන්ත රූපසිංහ යන අයගේ දේහය අද( 4) සවස අවසන් කටයුතු සදහා ගෙන යන අතර මීරිගම මීගමුව මාර්ගයේ පොත්තෙවෙල ප‍්‍රදේශයේ පාර මැද තබාගෙන මියගිය අයගේ ඥාතීන් ඇතුලූ ප‍්‍රදේශවාසීහු විරෝධතාවයක යෙදුනහ.
මෙම පිරිස පැය බාගයක පමණ කාලයක් මෙසේ විරෝධතාවයේ යෙදුනු අතර ඔවුහු කසිප්පු විකුණන පුද්ගලයාට හා මෙම සිදුවීමේදී පොලිසියේ කි‍්‍රයා කලාපය සම්බන්ධයෙන් දැඩිසේ විරෝධය පල කළහ. මෙම විරෝධය නිසා මාර්ගයේ ගමනාගමනය මේ කාලය තුළ සම්පූර්ණයෙන්ම ඇණ හිටියේය.
පල්ලෙවෙල හා කොටදෙනියාව පොලිස් ස්ථානාධිපතිවරුන් ඇතුලූ නිලධාරින් මේ අවස්ථාවේ එහි පැමිණ ජනතාව සන්සුන් කිරීමට පියවර ගත් අතර මෙම සිදුවීම සම්බන්ධයෙන් අසාධාරණයක් නොවන්නට සුදුසු පියවර ගන්නා බව පොලිසිය මෙහිදී සදහන් කළහ. මේ අවස්ථාවේ ජනතාව දැඩි ලෙස උද්වේගකාරි අන්දමින් අදහස් පල කරනු දැකිය හැකිවිය. අනතුරුව පිරිස දේහය අවසන් කටයුතු සදහා ලෙන යනු ලැබූ අතර සාමකාමී අන්දමින් එම කටයුතු සිදු කරනු ලැබීය.



2025 දෙසැම්බර් මස 16
10
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
811
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
593
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
මිනියක් පාර මැද තබා උද්ඝෝෂණයක