IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


බලු කුණකට රැයක් පුරා පොලිස් ආරක්‍ෂාව

(දයාරත්න ඇඹෝගම)
ගමන් බෑගයක බහා තිබු මියගිය සුනඛයෙකුගේ සිරුරක් රැයක් පුරාම ආරක්ෂා කිරීමට පරසන්ගස්වැව පොලිසියට සිදුවු පුවතක් අද (06) වාර්තා විය.

පරසන්ගස්වැව,සදමල්ගම,සියඹලෑව ගම්මානයෙන් මෙම පුවත වාර්තා විය.

සියඹලෑව ගම්මානයේ ප්‍රධාන මාර්ගයේ සිට මිටර් හාරසියක් පමණ දුරින් පිහිටි කැළැබද ප්‍රදේශයක තිබූ ගමන් බෑගයක් තුළ සැක කටයුතු යමක් ඇති බවට පොලිසියේ අංක 119 දුරකතනයට (05) දින පස්වරුවේ ලද තොරතුරක් මත එම ස්ථානයට ගිය පොලිස් නිලධාරින්ට බෑගය තුලින් ගලා එන ඕජස් සහ පණුවන්ද දැකිය හැකි වී තිබේ.

ඒ අනුව බෑගය තුළ මියගිය අයෙකුගේ සිරුරක් ඇති බවට සැකපල කළ පොලිස් නිලධාරිහූ ඊයේ (05)දින රාත්‍රි සිට පසුදා අද (06)දක්වා එම ස්ථානයේ ආරක්ෂක රාජකාරිවල නිරත වූහ.

මෙම සිද්ධිය ගම පුරා ප්‍රචාරය විමත් සමඟ  එම ස්ථානයට පැමිණි  අයෙකු සදහන් කලේ එම ගම්මානයේම පදිංචි තරුණයෙකු මෙවැනි ගමන් බෑගයක්  රැගෙන මහමග ගමන් කළ බව දුටු බවයි.

ඒ අනුව පොලිසිය එම තරුණයා සොයා කළ  විමසුමේදි ඔහු කියා සිටියේ තම ගෙවත්තේ අනාරක්ෂිත ළිදකට වැටි මෙන් මියගිය සුනඛයාගේ  සිරුර විදේශගතව සිටි  මව ගෙන ආ බෑගයට දමා කැලෑවට දැමු බවයි.

මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කටයුතු සදහා මහේස්ත්‍රාත්වරයාද ගෙන්විමට පොලිසිය පියවර ගෙන තිබුනද අවසන් මොහොතේ එය වැළැක්විණි.

සිද්ධිය සම්බන්ධයෙන් මෙම බෑගය  කැළෑවට විසිකළ  එම ප්‍රදේශයේම පදිංචි 20 හැවිරිදි තරුණයෙකු පොලිසිය විසින් අත් අඩංගුවට ගෙන ඇති අතර ඔහු අද (06)දින අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතව තිබුණි.

සිද්ධිය සම්බන්ධයෙන් පරසන්ගස්වැව පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වති.



අදහස් (0)

බලු කුණකට රැයක් පුරා පොලිස් ආරක්‍ෂාව

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 804 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 590 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 467 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site