IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


දියේ ගිලී පාසල් සිසුවෙක් මරුට

(ඔගස්ටින් ප්‍රනාන්දු)

වෙන්නප්පුව දුම්මලදෙණිය ප්‍රදේශයේ පෞද්ගලික  පිහිනුම් තටාකයක දිය නාමින් සිටිය දී දියේ ගිලිමෙන් 15 වන වියේ පසුවන පාසල් සිසුවකු අද (6) දහවල් මිය ගොස් ඇති බව වෙන්නප්පුව පොලිසිය කියයි.

මෙසේ මිය ගොස් ඇත්තේ කටුනේරිය ප්‍රදේශයේ විසු කටුනේරිය ප්‍රදේශයේ මහ විදුහලක අධ්‍යාපනය ලබමින් සිටි පාසල් සිසුවෙකු වන තිරුත් සුලක්ෂණ  නමැති සිසුවායි.

වෙන්නප්පුව දුම්මලදෙනිය ප්‍රදේශයේ පිහිටි මෙම තටාකය පාසල් සිසුන් වැඩි වශයෙන් පිහිනුම් කටයුතු පුහුණවීම සඳහා යොදා ගන්නා අතර මෙම සිසුවා තම මිතුරන්  පස් දෙනෙකු සමඟ අද (6) දහවල් මෙහි පැමිණ පිහිනමින් දිය නාන්න වූ බවත් ඒ අතකර ඔහු දියේ ගිලි මතුපිටට නොපැමිණි නිසා මිතුරන් ගිලි බැලුවිට ඔහු දියේ ගිලි සිටියදී සොයා ගෙන වහාම ගොඩ ගෙන මාරාවිල මුලික රෝහලට ඇතුළත් කළත් ඒ වන විටත් සිසුවා මිය ගොස් සිටි බවයි.

මෙම සිසුවා මෙයට කලින් ද දිය නාන්න පැමිණි විට දියේ ගිලී වැඩි වේලාවක් දිය යට රැදී සිටිමට පුරුදුව සිටි අයෙකු බවත් කියයි.

සිසුවාගේ මරණ පරීක්ෂණ කටයුතු අද (6) පස්වරු මාරාවිල හදිසි මරණ පරික්ෂක පද්මසිරි ගරුසිංහ මහතා‍ විසින් මාරාවිල මුලික රෝහලේ දි පැවැත්වීමට නියමිතය. සිද්ධිය සම්බන්ධයෙන් වෙන්නප්පුව පොලිසිය පරීක්ෂණ පවත්වයි.



අදහස් (0)

දියේ ගිලී පාසල් සිසුවෙක් මරුට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 10 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 811 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 593 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site