(සම්පත් ප්‍රියනන්දන සහ නාලක ජේ. හෙට්ටිආරච්චි)
බලන්ගොඩ බෙලිහුල්ඔය ප්‍රදේශයේදී වැන් රථයක් අඩි විස්සක පමණ ප්‍රපාතයකට පෙරළීමෙන් එහි ගමන් පස්දෙනෙකු තුවාල ලබා අද (04) බලන්ගොඩ මූලික රෝහලට ඇතුළත් කර ඇති බව පොලිසිය පවසයි.
තුවාල ලැබූ පිරිස අතර, කුඩා දරුවන් දෙදෙනෙකු ද සිටින බව පොලිසිය කියයි.
මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ කොළඹ සිට වැලිමඩ ප්‍රදේශය දක්වා ධාවනය කරමින් තිබූ වෑන් රථයක් බව පොලිසිය පවසයි.
අනතුර සම්බන්ධයෙන් සමනල වැව පොලිසිය පරික්ෂණ පවත්වයි.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd