(නිශාන්ත කුමාර)
මහියංගන දඹගල්ල කුඩාවැව ගම්මානයේ නිවසකට ඇතුළු වූ වනඅලියකු එහි බිත්ති පෙරළාදැමීමේදී බිත්තියට යටවී වයස අවුරුදු අටක දැරියක අද (05) අලුයම මියගොස් ඇතැයි මහියංගන පොලිසිය කියයි.
මිත්තණිය බරපතල තුවාල ලබා මහියංගන රෝහලට ඇතුළත් කර ඇත.
මියගොස් ඇත්තේ මහියංගන කුඩා වැව ප්‍රදේශයේ පදිංචි ජේ. එම්. ශාලිකා මධුෂාණී නැමැති වයස අවුරුදු අටක දැරියකි.
ගම්වැදුණු වන අලියා එම නිවසේ වී කෑම සඳහා බිත්තියක් පෙරළා නිවසට ඇතුල් වීමට තැත් කිරීමේදී පෙරළුණු බිත්තියට යටවී දරුවා ජීවිතක්ෂයට පත්වන්නට ඇතැයි සැකකරයි.
අනතුර සම්බන්ධයෙන් මහියංගන පොලීසිය පරීක්ෂණ පවත්වයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd