(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
නුගේගොඩ ජම්බුගස්මුල්ල මාවතේ අවන්හල් ව්‍යාපාරිකයාගේ ඝාතනයට සම්බන්ධ සැකකරුවකු විදේශ රටකට පලාගොස් ඇතැයි පොලිස් ආරංචි මාර්ග සදහන් කරයි.
ඝාතනය සිදුකර පැය කිහිපයක් තුළදී සැකකරු ඩුබායි රටට පලාගොස් ඇති බවද පොලිසිය කියයි.
ඝාතනයට ලක් වූ ව්‍යාපාරිකයා සහ කලක් මිතුරකුව සිටි මෙම පුද්ගලයා පසුව අමනාපව සිට ඇතැයිද එම ආරංචි මාර්ගවලින් සනාථ වන බව පොලිසිය කියයි.
2004 වසරේදී බැංකු කොල්ලයකට හා තවත් අපරාධ රැසකට මොහු සම්බන්ධව සිටි පොලිස් අත්අඩංගුවට පත්වූ අයෙකු බවද පොලිසිය කියයි.
ඉකුත් 27 වැනි දින රාත්‍රියේදී නුගේගොඩ උඩහමුල්ල පදිංචිව සිටි සුනිල් රුවන් පෙරේරා යන 38 හැවිරිදි පුද්ගලයා වෙඩි ප්‍රහාරයට ලක්ව මියගොස් තිබුණි.
සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් කණ්ඩායම් තුනක් යොදවා ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා කියයි.
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ඝාතනයක සැකකරුවකු ඩුබායි රටට පැනලා