IMG-LOGO

2025 ජුනි මස 08 වන ඉරිදා


පාර දෙපස ගස් සිටුවන වෛද්‍යවරයෙක්

(හිරාන් ප්‍රියංකර ජයසිංහ)

වන විනාශය ගැන අපි බොහෝ විට කථා කර ඇත්තේමු.වනය වනසන මිනිසුන් කිසිවිටකත් මේ පරිසරයට ආදරය නොකරන බව සැබැවකී. නමුත් වෛද්‍යවරයකු තම වෘත්තියෙන් ඔබ්බට ගොස් මාර්ග දෙපස ගස් වවමින් නිහඬ සේවයක් ඉටු කරනුයේ අනාගත පරම්පරාවට මහා දායාදයක් ඉතිරි කරමිනි .

ඔහු නමින් අරුණ චමින්ද කැකුල්තොටුවය.වෘත්තියෙන් වෛද්‍යවරයෙකී. නමුත් මොහු සාම්ප්‍රදායික වෛද්‍ය වෘත්තියෙන් ඔබ්බට ගොස් සිදු කරන මේ මෙහෙවර අද වන් යුගයක පැසසුමට ලක්කළ යුතු සුවිශේෂ කටයුත්තක් වී හමාරය. අප ගමන් කරන මාවත් වල වෛද්‍යවරයා ඔහුගේ මිතුරන්ද සමඟ එක්වී මේ රුක් රෝපනය  කරනු ලබන්නේ සෙවන දෙන්නට පමණක් නොව රටට ජීවයක් ලබා දෙන්නට ගසක් සිටුවීමටය.

 

අද වන විට මොහු ඔහුගේ මිතුරන් හා විවිධ තරාතිරම්වල නිළතල දරන්නන් සමඟ එක්වී සිටවූ  පැල සංඛාව 40000 කට ආසන්නය.

වසර වසර 10 කට පෙර නවගත්තේගම ග්‍රාමීය රෝහලේ ස්ථාන භාර වෛද්‍ය නිලධාරීවරයා ලෙස කටයුතු කරමින් සිටි වෛද්‍ය අරුණ චමින්ද කැකුල්තොටුව මහතා මෙසේ මග දෙපස ගස් සිටුවීම ආරම්භ කිරීම සිදුව ඇත්තේ ඔහුගේ රැකියාවෙන් ලැබෙන මද විවේකය ප්‍රයෝජනයට ගනිමිනි.

ඉන් අනතුරුව කොට්ටුකච්චිය ග්‍රාමීය රෝහලේ ස්ථාන භාර වෛද්‍යවරයා ලෙසද සිටිමින් මාර්ග දෙපස කුඹුක්, ඇහැල  පැල රෝපනය කිරීමට එක්වී තිබුණි.මේ වන විට මීගමුව මහ රෝහලේ සේවය කරමින් සිටින වෛද්‍ය අරුණ චමින්ද කැකුල්තොටුව මහතා ශ්‍රී ලංකාවේ විවිධ ප්‍රදේශ වලට ගමන් කරමින් පැල රෝපණයට එක්වී ඇත්තේ මිනිසුන් විසින් වනසා දමමින් ඇති පරිසර සංහාරයට යම් සහනයක් ගෙන දෙමිනි .

මෙම වෛද්‍යවරයාගේ සහායට මේ වන විට දිවයින පුරා 65 කට ආසන්න කණ්ඩායමක් එක්වී ඇති අතර ඔවුන් එක්වී හරිත ලංකා නමින් ස්වෙච්ඡා සංවිධානයක් පිහිටුවා ගෙන ඇත්තේ ද මෙම වෑයමට දිරිදිමක් ලෙසිනි . ඔහු සමඟ එක්වී සිටින මෙම පිරිස් රජයේ නිවාඩු දිනයන් බොහෝ විට යොදා ගෙන වැව් රක්ෂීත හා මග දෙපස පැල සිටුවන්නට කටයුතු කර ඇත.

වසර ගණනාවකට පෙර මෙම වෛද්‍යවරයා තම මිතුරන් සමඟ එක්වි සිටවූ ගස් මේ වන විට මහා රුක්ෂයන් බවට පත් වෙමින් තිබෙනු දැක ගත හැකිය.

මේ ඒ පිළිබඳව සංවාදයක නිරත වූ වෛද්‍ය අරුණ කැකුල්තොටුව මහතා මෙසේ පැවැසීය.

   “ මම මුලින්ම මේ ගස් සිටුවන එක ආරම්භ කළේ නවගත්තේගම මාර්ගයෙන්, ඒ එම රෝහලේ ස්ථාන භාර වෛද්‍යවරයා ලෙස කටයුතු කරන සමයේ . ඒ සඳහා  මට විශේෂත්වයක් තිබුණේ නැහැ . නමුත් අවස්ථා කිපයක් මේ කටයුත්ත කරගෙන යද්දි මට හිතුනා රට වටේ මේ සඳහා  ඉන්න පිරිසක් එකතු කරන්න.

හැබැයි කිසිම විටක මුදල් එකතු නොකර. ඒ නිසා එයට ඇලුම් කරන පිරිසක් මා සමඟ එක්වුණා. අද වන විටත් අලුතින් තවත් පිරිස් එකතු වෙමින් සිටිනවා.

කිසිම කෙනෙකු මේ කටයුත්තට දායක වන්නේ කිසිම ලාභ ප්‍රයෝජනයක් බලාගෙන නොවෙයි.ඒ නිසා මට අද වන විට හැකිව තිබෙනවා මාවත් දෙපස , වැව් රක්ෂීත , ගංගා දෙපස , විශේෂයෙන් අධිවේගි මාර්ග දෙපසත් මේ කටයුත්ත කරන්න.

දැනට පැල 40000 ක් සිටුවා තිබෙනවා . මම මේ හැම තැනකටම නිවාඩුවක් ලැබුණාම බලලා යන්න එනවා. මේ ගස් දකිද්දි හිතට ලොකු සහනයක් දැනෙනවා .එය වචන වලට හරවන්න මට තේරෙන්නේ නැහැ . නමුත් මේ සමඟ ආඩම්බරයක් තිබෙනවා අපේ අනාගතයට යමක් මම කළා කියලා මම තව දුරටත් මේ ක්‍රියා දාමය කරගෙන යනවා මිතුරන් සමඟ එක්වෙලා ,, . යැයි ඔහු පවසන්නට විය .

 



අදහස් (3)

පාර දෙපස ගස් සිටුවන වෛද්‍යවරයෙක්

jagath Tuesday, 30 July 2019 02:17 PM

ඔබ වගේ අය ගැන හරිම ආඩම්බරයි, ජාතික පිනක්.

:       1       34

දිමුතු මහතා Tuesday, 30 July 2019 04:36 PM

මේ වගේ දොස්තර දෙවිවරු තව තවත් ඉන්නවනම් අපේ රට කොච්චර ලස්සනද. තමා ගැන පමණක් නොසිතා මුලු ලෝකය ගැනම සිතන මෙවන් දූ දරුවන් අනාගත ශ්‍රී ලංකා මාතාවට තව තවත් දායාද වේවායි පතමි

:       0       158

bandula abeywickrama Thursday, 01 August 2019 12:23 PM

ඉතාමත් හොද දෙයක් ඔබතුමා මේ කරන්නේ.. මේ වගේ තව 10 හිටියත් ගස් 400000

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 481 0
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 320 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 475 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

Our Group Site