IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


ට්‍රැක්ටරය පෙරැළී අයෙක් මරුට :අයෙක් රෝහලේ

(රංජිත් රාජපක්ෂ  )                    

බෝපත්තලාව රජයේ සත්ත්ව ගොවිපලේ ට්‍රැක්ටර් රථයක් පෙරළීමෙන් එම ට්‍රැක්ටර් රථයේ ගමන් ගත් ගොවිපලේ සේවකයෙකු මියගොස් රථයේ රියදුරා බරපතල ලෙස තුවාල ලබා නුවරඑලිය මූලික රෝහල වෙත ඇතුළු කර  ඇති බව ආගරපතන පොලිසිය පැවසිය.

මෙසේ මිය ගොස් ඇත්තේ බෝපත්තලාව රජයේ සත්ත්ව ගොවිපලේ සේවයේ නියුතු එස්.පොඩි මහත්තයා(35) නැමති එක්දරු පියෙකි.

අද (31) බෝපත්තලාව සත්ත්ව ගොවිපොල මැණික්පාලම ප්‍රදේශයේදී මෙම අනතුර සිදු වි ඇත.
 
බෝපත්තලාව රජයේ සත්ත්ව ගොවිපොලට අයත් තෘණ භුමියේ සිට සත්ත්ව ගොවිපොලට තෘණ ප්‍රවාහනය කරමින් තිබු ට්‍රැක්ටර් රථය මාර්ගයෙන් ඉවතට පැන ප්‍රපාතයකට පෙරළීමෙන් ට්‍රැක්ටර් රථයේ රියදුරා සහ සේවකයා යට වි බරපතල ලෙස තුවාල ලබා ඇත.
 
තුවාලකරුවන් දෙදෙනා ආගරපතන රෝහලට ඇතුළත් කිරීමෙන් පසු සේවකයා මිය ගොස් ඇති අතර ට්‍රැක්ටර් රථයේ රියදුරාගේ තත්ත්වය බරපතල නිසා තුවාලකරුව නුවරඑලිය මුලික රෝහල වෙත ඇතුලත් කර ඇති බවයි ආගරපතන පොලිසිය පැවසුවේය.
 



අදහස් (0)

ට්‍රැක්ටරය පෙරැළී අයෙක් මරුට :අයෙක් රෝහලේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 13 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 815 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 594 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site