( නිමල් ජයරත්න)
මාදුරුඔය ඉසෙඩ් ඩී ප්‍රධාන ඇළේ අරලගංවිල මැදගම ප්‍රදේශයෙන් පා වෙමින් තිබු පිරිමි මළ සිරුරක් අද (30) දහවල් හමු වූ බව අරලගංවිල පොලීසිය කියයි.
මැදගම විදුලිබලාගාරයේ අසළ යකඩ සොරොව්වේ සිර වී තිබියදී ඒ පිළිබඳව පුද්ගලයකු කළ දැනුම් දීමකට අනුව පොලීසිය පැමිණ මළ සිරුර ගොඩට ගෙන තිබේ.
මිය ගොස් සිටින පුද්ගලයාගේ වයස අවුරුදු 30-35 ත් අතර වයසේ පසුවන පුද්ගලයකු බව පොලීසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd