(ඔගස්ටින් ප්‍රනාන්දු)
හලාවත දිස්ත්‍රික් මහ රෝහලේ සුළු සේවකයෝ අද (30) දහවල් කෑම පැයේ දී රෝහල ඉදිරිපිට සාමකාමී විරෝධතාවක නිරතවූහ.
තම රෝහලේ වෛද්‍ය ප්‍රතිකාර ලබාදීමේ ඒකක සංඛ්‍යාව වැඩි කර ඇතත් ඒවායෙහි සේවය කිරීමට අවශ්‍ය සුළු සේවක සංඛ්‍යාව මේ දක්වා සපුරා නැති බව ඔවුහු පෙන්වා දුන්හ.
ශ්‍රී ලංකා ජනරජ සෞඛ්‍ය සේවා සංගමයේ හලාවත ශාඛාව මෙම විරෝධතාව සංවිධානය කර තිබිණි.
මෙහිදී එම ශාඛාවේ ලේකම් සමීර ලක්මාල් අබේරත්න මහතා කියා සිටියේ තම රෝහලේ සුළු සේවකයින්ගේ සංඛ්‍යාව 250 ක් වුවත් මේ වන විට සේවක සේවිකාවන් 120 දෙනෙකුගේ පුරප්පාඩු පියවා නැති බවය.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd