(කේ. බුද්ධික කුමාරසිරි සහ පි‍්‍රයන්ත ජයලත්)
හෝමාගම පිහිටි ආපන ශාලාවක් පිටුපස ළිඳක තිබී පුද්ගල මළ සිරුරක් අද (24) උදෑසන හමු වූ බව හෝමාගම පොලිසිය පවසයි.
මිය ගොස් ඇත්තේ එම ළිඳ අසළ තිබූ ආපන ශාලාවේම රැකියාවේ නිරතව සිටි පන්නල ඇළඹඩගම ප‍්‍රදේශයේ පදිංචිකරුවෙකු වන 42 හැවිරිදි මොහොමඞ් අබ්දුල්ලා නමැති පුද්ගලයෙකි.
එම ආපන ශාලාවේ සේවකයෙකු මළ සිරුර ළිඳ තුළ තිබෙනු දැක ඒ බව හෝමාගම පොලිසියට පවසා ඇත.
කිසිවෙකු එම පුද්ගලයාව ඝාතනය කර ළිඳට දැමුවාද නැතහොත් ළිඳට වැටී මිය ගියාද යන්න සැකසහිත බවද ඒ පිළිබඳව වැඩිදුරටත් පරීක්ෂණ පැවැත්වීමට කටයුතු කරන බවද පොලිසිය පවසයි.
සිද්ධිය සම්බන්ධයෙන් හෝමාගම පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් හා නුගේගොඩ පොලිස් කොට්ඨාසයේ අපරාධ ස්ථාන පරීක්ෂණ නිලධාරීන් එක්ව පරීක්ෂණ ආරම්භ කර ඇත.
මරණය සම්බන්ධව මහේස්ත‍්‍රාත් පරීක්ෂණයක් ද පැවැත්වීමට නියමිතය.
2025 දෙසැම්බර් මස 04
802
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
589
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
466
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ළිඳක තිබී පුද්ගල මළ සිරුරක් හමුවේ