IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


ලංකාවට ගෙනා ජගුවර් ගැහැණු සත්වයා මහජන ප්‍රදර්ශනයට

(එච්.එච් ධර්මපාල)

දෙහිවල සත්වෝද්‍යනයට අඩුවක්ව පැවැති ‘‘ජගුවර්‘‘ ගැහැණූ සත්වයෙක් නෙදර්ලන්තයේ ‘‘ආටිස් අව්ටුඩෑම් රෝයල්‘‘ සත්වෝද්‍යානයෙන් ගුවන් මගින් කටුනායක ගුවන්තොටුපල හරහා ඉකුත් ජූනි 22 ගෙනැවිත් මාසයක කාලයක් සත්ත්ව නිරෝධායනයට යොමු කර අද (23) මහජන ප්‍රදර්ශනයට මුදාහල බව නියෝජ්‍ය අධ්‍යක්ෂ අනෝමා ප්‍රියදර්ශණී මහත්මිය පැවැසුවාය.

මෙම ජගුවර් ගැහැණු සත්ත්වයා 2017 ජුනි 28 දින එම සත්වෝද්‍යානයේ උපත ලබා ඇත.දැනට අවුරුදු දෙකක් වන මෙම සත්ත්වයා ලොකයේ වඳවීමේ තර්ජනයට ලක්වී සිටින සත්ත්ව විශේෂයකි.

උපතින් මාංශ භක්ෂක වන අතර ආයු කාලය අවුරුදු 12 ත් 20 ත් අතර බවත් අවුරුදු 3 - 4 අතර කාලයේ ගැබ් ගැනීම සිදුවන බවත් දින 90 ත් 103 අතර කාලයකදී පැටවුන් දෙදෙනෙක් හො සිව් දෙනෙක් බිහිකරන බවත් නියෝජ්‍ය අධ්‍යක්ෂවරය සඳහන් කළාය.

ගැහැණු සත්ත්වයාගේ බර කිලෝ 70 ක් 100 අතර වන බවත් පිරිමි සත්ත්වයෙක් කිලෝ 100 ත් 130 ත් අතර වැඩෙනු බවත් නියෝජ්‍ය අධ්‍යක්ෂවරිය පැවැසුවාය.

 

 



අදහස් (0)

ලංකාවට ගෙනා ජගුවර් ගැහැණු සත්වයා මහජන ප්‍රදර්ශනයට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 802 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 589 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 466 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site