(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
හත් හැවිරිදි දැරියක අපයෝජනය කළ බව කියන 72 හැවිරිදි පුද්ගලයෙකු අද (23) සවස අත්අඩංගුවට ගත් බව බේරුවල පොලිසිය පැවැසීය.
දැරිය නාගොඩ රෝහලට ඇතුළත් කර ඇත.
දැරිය ඇයගේ නිවස ඉදිරිපිට ජල කරාමය අසල සිටියදී එම ස්ථානයට ජලය ලබා ගැනීමේ මුවාවෙන් පැමිණි සැකකරු දැරිය අපයෝජනය කළ බව දැරිය මවට පවසා තිබූ බව පොලිසිය කියයි.
පසුව දෙපාර්ශ්වය අතර බහින් බස්වීමක්ද සිදු වී ඇති බව පොලිසිය පැවැසීය.
දැරියගේ මව පොලිසියට කරන ලද පැමිණිල්ලක් අනුව සැකකරු අත්අඩංගුවට ගත් බව පොලිසිය කීය.
සැකකරු හෙට (24) කලුතර අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd