(නිශාන්ත කුමාර)
බදුල්ල මහියංගන ප්‍රධාන මාර්ගයේ තල්දෙන බෝලියද්ද පිහිල්ල ආසන්නයේ දී අද (25) උදෑසන මාර්ගයේ ගමන් ගත් මෝටර් රථයක් මාර්ගයෙන් ඉවතට ධාවනය වී අසල තිබූ වෙල්යායකට පෙරළීමෙන් එහි ගමන් ගත් සිව්දෙනකු බරපතල තුවාල ලබා බදුල්ල පළාත් මහ රෝහලට ඇතුළත් කර ඇතැයි බදුල්ල පොලිසිය පවසයි.
අනතුරින් තුවාල ලබා ඇත්තේ වැලිමඩ ප්‍රදේශයේ එකම පවුලක සාමාජිකයින් පිරිසකි. වැලිමඩ ප්‍රදේශයේ සිට මහියංගනය බලා ගමන් ගනිමින් සිටියදී ඔවුන් මෙම අනතුරට ලක්ව තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් බදුල්ල පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd