IMG-LOGO

2025 සැප්තැම්බර් මස 27 වන සෙනසුරාදා


මහඉලුප්පල්ලම ප්‍රාථමික වෛද්‍ය සත්කාර ඒකකය ජනතා අයිතියට

(දයාරත්න ඇඹෝගම)

රුපියල් ලක්ෂ 180 ක වියදමින් ඉදි කෙරුණු අනුරාධපුර මහඉලුප්පල්ලම ප්‍රාථමික වෛද්‍ය සත්කාර ඒකකය උතුරු මැද පළාත් ආණ්ඩුකාර සරත් ඒකනායක, ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජාතික සංවිධායක හිටපු  පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් අද(24) ජනතා අයිතියට පත් කෙරිණි.
 
එහිදී  අදහස් දැක්වූ මැද පළාත් ආණ්ඩුකාර සරත් ඒකනායක මහතා මෙසේද පැවසිය.
 
“මේ වගේ දුෂ්කර ප්‍රදේශවල ජනතාව අනිවාර්යෙන්ම දහසකුත් එකක් දුක් ගැහැට මධ්‍යයේ තමයි ජීවත් වෙන්නේ, එක පැත්තකින් කාලගුණය හරස් වෙනවා බොහෝ අවස්ථාවන් වලදී පානීය ජලය ටිකවත් නැතිව යනවා සමහර වෙලාවට. මේ ප්‍රදේශවල ඇති වෙන දූවිල්ල බොහෝ විට මේ ඉන්න වැඩි දෙනෙක්ව ලෙඩ රවලට හසු කරනවා.
 
මොවුන් කොහොම හරි බඩගින්න නිවන්න ඕන නිසා ආහාර ගන්නේ. පෝෂණය පැත්ත බැලීමක් නෙමෙයි වෙන්නේ, ඒ නිසත් ලෙඩ රෝග ඇති වෙනවා. ඒ වගේම අනුරාධපුර දිස්ත්‍රික්කයට ආවේණික වෙච්ච වකුගඩු රෝගයත් මේ ප්‍රදේශයේ බහුල වශයෙන් තිබෙනවා. මෙහෙම ගත්තම ජීවත්වීමට බොහෝම අපහසුතාවයක් තියෙනවා ජනතාවට.
 
නමුත් ජනතාවගේ අපහසුතාවයන් මගහරින්නට නම් රජයේ මහා දැවැන්ත මැදිහත්වීමක් අවශ්‍ය වෙනවා. මේ අය බලාකියා ගන්න. ඒ බලාකියා ගැනීමේදී ප්‍රධාන කාරණයක් විදිහට අපි දකින්නේ නිරෝගීකම, රෝග හැදෙන්නැති වෙන්නත්, හැදුනු රෝගය සුව කර ගන්නත් මේ ස්ථාන වැදගත් වෙනවා. ජනාධිපතිතුමා මැදිහත් වීම මත ප්‍රධාන කරුණු දෙකකට සංවර්ධනය පැත්තෙන් ප්‍රමුඛත්වයක් ලබා දීලා තියෙනවා. ඒ තමයි සෞඛ්‍ය හා අධ්‍යාපනය.
 
ඊට අමතරව දිවයිනේ දැවැන්ත ප්‍රශ්නය වන මත්ද්‍රව්‍යය සඳහා දැඩි තීන්දු අරගෙන දැඩිව ක්‍රියා කරනවා. එතුමාට මේ රටේ මිනිසුන් විතරක්  නෙමෙයි විදේස් රටවලින් පවා ප්‍රශ්න ගැටලු එනවා, තර්ජන, අභියෝග එනවා. නමුත් එතුමා සෘජුව කටයුතු කරගෙන යනවා. අපේ අම්මලා-තාත්තලාගේ අවශ්‍යතාවය, ඕනෑකම තියෙන්නේ අපේ දරුවා මේවායෙන් බේරා ගත යුතුයි කියන එක.

තමුන්නාන්සේලාට හැමදේටම කොළඹ තියෙන මහා පෞද්ගලික අංශ වලට යන්න පුළුවන්කමකුත් නෑ. ගමේ තියෙන රෝහලට තමයි ප්‍රමුඛතාවය දෙන්නේ, ගමේ තියෙන තැනින් තමයි බෙහෙත් ටික ගන්නේ. ඒ තැන දියුණු කරන එක, අවශ්‍යය පහසුකම් ටික දෙන එක අපේ රජයේ වගකීමක් යුතුකමක් වෙනවා” යැයි පැවසීය.
 
මෙම අවස්ථාවට ඉපලෝගම ප්‍රාදේශිය සභාවේ සභාපති නිහාල් තිලකවර්ධන මහතා ඇතුළු පිරිසක් එක්ව සිටියහ.



අදහස් (0)

මහඉලුප්පල්ලම ප්‍රාථමික වෛද්‍ය සත්කාර ඒකකය ජනතා අයිතියට

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 32388 39



රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14892 10


මේවාටත් කැමතිවනු ඇති

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 100 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 383 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1308 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

Our Group Site