විදුලිබල පනත් සංශෝධනයට එරෙහිව ගාල්ලේදී විරෝධතාවක් විදුලිය මිලදී ගැනීමේ බලය විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක මහතාට පවරා ගැනීමට ගෙනෙන ලද පනත් සංශෝධනයට එරෙහිව දිවයින පුරා පවත්වනු ලබන උද්ඝෝෂණ මාලාවේ පළමුවැන්න අද(22) ගාල්ල නගරයේදී පැවැත්විණි. 22 July 2019
තේ, කුරුඳු, ගම්මිරිස් මිල ඉහළ දමන්නැයි ඉල්ලා විරෝධතාවක් තේ, කුරුඳු සහ ගම්මිරිස්වල මිල වහා ඉහළ දමන ලෙස රජයට බල කරමින් ගොවීහු පිරිසක් අද (22) මොරවක බස් නැවතුම්පොළ ඉදිරිපිටදී විරෝධතාවයක නියැලුණහ. 22 July 2019
ගිනි අවියක් සමඟ අයෙක් අත්අඩංගුවට හල්දුම්මුල්ල සොරගුණේ අමිලගම ප්‍රදේශයේදී ගිනි අවියක් සමග පුද්ගලයෙකු අද (22) අත්අඩංගුවට ගත් බව බණ්ඩාරවෙල පොලීසිය පවසයි. 22 July 2019
මෝටර් රිය දුම්රියේ ගැටී රියදුරු මරුට ගාල්ල බෝපේ දුම්රිය හරස් මාර්ගයේදි අද සවස බෙලිඅත්තේ සිට මරදාන බලා ධාවනය වු විශේෂ සීඝ්‍රගාමී දුම්රියේ මෝටර් රථයක් හැපීමෙන් එහි රියදුරු මියගොස් තිබේ. 21 July 2019
පාස්කු දා මිය ගිය අය සිහි කර දානමය පිංකමක් පාස්කු ඉරිදා දින එනම් ඉකුත් අපේ‍්‍රල් 21 වැනිදා කිතුණු දේවස්ථාන ඇතුළු ස්ථාන කිහිපයකට එලල් වූ ත්‍රස්ත ප්‍රහාරයේ තෙමස් පූර්ණය නිමිත්තෙන් එහිදී මිය ගිය අයට පිං පැමිණවීමේ දානමය පිංකමක් කොළඹ ආරක්ෂක අමාත්‍යාංශ පරිශ්‍රයේ දී අද (21) පෙරවරුවේ පැවැත්විණි. 21 July 2019
මාවා පැකට් 150ක් සමඟ 5ක් අත්අඩංගුවට දෙහිවල පොලිස් වසමට අයත් ප්‍රදේශ දෙකකදී අද(21) කළ වැටලීම් දෙකකින් මාවා මත්ද්‍රව්‍ය පැකට් 150ක් සමඟ පුද්ගලයින් පස්දෙනෙකු අත්අඩංගුවට ගත් බව ගල්කිස්ස කොට්ඨාස දූෂණ මර්දන අංශය කියයි. 21 July 2019
බලන්ගොඩ - රත්නපුර මාර්ගය මැද්දෙකන්දේදී අවහිර වෙයි බලන්ගොඩ රාස්සගල හරහා රත්නපුර ප්‍රධාන මාර්ගයට මැද්දෙකන්ද හන්දිය ප්‍රදේශයේ දී අද (21) දහවල් විශාල ඇල්බීසියා ගසක් කඩා වැටීමෙන් මාර්ගයේ වාහන ගමනාගමනය සම්පුර්ණම අවහිර වී තිබේ. 21 July 2019
සැඩ පහරට හසු වූ සිසුවියන් දෙදෙනාගේ අවසන් කටයුතු අද මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලට ඇද හැලුණු අධික වර්ෂාවත් සමඟ සැඩ පහරකට හසු වී මියගිය සිසුවියන් දෙදෙනාගේ අවසන් කටයුතු අද (21) ආගරපතන අග්රල්බෙත්ත වත්තේ පොදු සුසාන භුමියේදී පැවැත්විණි. 21 July 2019
වගා ළිඳකට වැටුණු ගැබ්බර මුවදෙනක බේරා ගනී අනාරක්ෂිත වගා ළිඳකට වැටී සිටි ගැබ්බර මුවදෙනකගේ දිවි බේරා ගැනීමට ගල්කිරියාගම ඉඳිගොල්ලාගම ගම්වැසියන් පිරිසක් අද (21) දහවල් සමත් විය. 21 July 2019
බඹරු ඇනීමෙන් අයෙක් රෝහලේ බඹරු ඇනීමෙන් බරපතල තුවාල ලැබූ පුද්ගලයකු අද (21) දහවල් මීගහකිවුල දිසා රෝහලට ඇතුළත් කිරීමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සඳහා බදුල්ල පළාත් මහ රෝහල වෙත ඇතුළත් කර ඇත. 21 July 2019
අධිබල විදුලි රැහැන් එළීමේ මාර්ගය වෙනස්කළැයි විරෝධතා ලක්ෂපාන විදුලිබලාගාරයේ සිට බියගම දක්වා විදුලිය රැගෙන යන මෙගා වොට් 280000 ක පමණ අධි බලැති රැහැන් පද්ධතියක් යෝජිත මාර්ගය වෙනස් කරමින් හෝමාගම, මීගොඩ, නඩුහේන ප්‍රදේශය ඔස්සේ රැගෙනයාමට සැලසුම් කර ඇතැයි පවසමින් ඊට විරෝධය දක්වා අද(21) මීගොඩ ජනතාව උද්ඝෝෂණයක නිරත වූහ. 21 July 2019
ගිනි අවි-පතුරොම් සමඟ අත්අඩංගුවට ගත් රෝහල් කම්කරුවෙක් රිමාන්ඩ් ස්වයංක්‍රිය ගිනි අවි දෙකක් සහ පතරොම් තොගයක් සමඟ අත්අඩංගුවට ගන්නා ලද රෝහල් කම්කරුවෙකු සහ ඔහුගේ මිතුරෙකු 29 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට ගාල්ල වැඩ බලන මහේස්ත්‍රාත් පී.කේ.එල්.බණ්ඩාර මහතා නියෝග කළේය. 21 July 2019
සුළඟින් මාතර නිවාස 80කට හානි පසුගිය දින කිහිපයේ මාතර දිස්ත්‍රික්කයට බලපෑ තද සුළං නිසා නිවාස 80 කට පමණ හානි සිදු වී ඇතැයි මාතර දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි. 21 July 2019
මොරගහකන්දෙන් අවතැන්වූවන්ට ඉඩම් දුන් ගැමියෝ තවමත් පීඩාවෙන් මොරගහකන්ද-කළුගඟ ජලාශ ඉදි කිරීමේදී ඉඩම් අහිමි වූ ජනතාවට ඉඩම් පරිත්‍යාග කළ ලග්ගල පල්ලේගම , කපුයාය ගම්මානයේ ජනතාව වසර 10ක් තිස්සේ පීඩාවට පත්ව සිටිති. 21 July 2019
වැස්සෙන් ගාල්ලේ 1271 ක් පීඩාවට අධික වැසි සහිත කාලගුණික තත්වය හේතුවෙන් ගාල්ල දිස්ත්‍රික්කය තුළ පුද්ගලයින් 1271 දෙනෙකු පීඩාවට පත්ව ඇති අතර මරණ දෙකක් වාර්තා වී ඇති බව ගාල්ල දිස්ත්‍රික් ආපදා කළමනාකරණ සම්බන්ධීකරණ ඒකකය පවසයි. 21 July 2019
ගංජා අලෙවි කළ අයෙක් අත්අඩංගුවට අඹේපුස්ස අවට ප්‍රදේශයේ සැරිසරමින් කලක් තිස්සේ සංවිධානාත්මකව රහසිගතව හමුදා සෙබලුන්ට ගංජා අලෙවි කිරීමේ යෙදුණු බව කියන ත්‍රිරෝද රියදුරකු ගංජා ග්‍රෑම් 300 ක් සමග අද (20) අත්අඩංගුවට ගත් බව මීරිගම පොලිසිය කියයි. 20 July 2019
මහජන විරෝධතා පෙත්සමට අත්සන් ගැනීම මීරිගමදී රටේ ව්‍යවසන තත්වයක් ඇති බව පවසමින් මහජන උපයෝගිතා කොමිසම් සභාවේ බලතල විදුලි බල හා බලශක්ති ඇමතිවරයා වෙත පවරා ගැනීමට ඉදිරිපත් කර ඇතැයි කියන කැබිනට් පත්‍රිකාවට විරෝධය දක්වා එය ඉවත් කරගන්නා ලෙස බල කෙරෙන මහජන විරෝධතා පෙත්සමට අත්සන් ලබා ගැනීම අද (20) මීරිගම සතිපොළ භූමියේ දී පැවැත්විණි. 20 July 2019
බසය කැබ් රියේ ගැටී පියාට, දියණියට තුවාල මොනරාගල වැදිකුබුර සිට බදුල්ල නගරයේ පැවති සංගීත තරගවලට සහභාගි වීම සඳහා පාසල් ළමුන් රැගෙන එමින් තිබූ පෞද්ගලික බස් රථයක් බදුල්ල හිඳගොඩ ප්‍රදේශයේදී අද(20) කැබ්රථයක ගැටී කැබ් රථය මාර්ගයෙන් ඉවතට පැන ඇගළුම් කම්හලක තාප්පයක් කඩා ගෙන යාමෙන් පියෙකු සහ දියණියක තුවාල ලබා බදුල්ල මහ රෝහලට ඇතුළත් කළ බව පොලිසිය පවසයි. 20 July 2019
යාත්‍රා 2ක අසුරා තිබූ බීඩී කොළ තොගයක් සොයාගනියි ඉලන්තඩිය මුහුදු තීරයට පාවී ආ යාත්‍රා 2ක අසුරා තිබූ බීඩී කොළ කිලෝග්‍රෑම් 960ක්, කල්පිටිය විජය නාවික හමුදාව මගින් ඊයේ රාත්‍රී (19) අත්අඩංගුවට ගෙන ඇත. 20 July 2019
රන් භාණ්ඩ සොරාගත් ඥාතිපුත්‍රයා අත්අඩංගුවට අහංගම මැලියගොඩ ෆොන්සේකාවත්තේ නිවසක ශීතකරණයේ සඟවා තිබූ රුපියල් 169000 ක් වටිනා රන් ආභරණ සොරකම් කිරීම සම්බන්ධයෙන් එම රන් ආභරණ හිමිකාරියගේ ඥාති පුතෙකු අද (20) අත්අඩංගුවට ගත් බව අහංගම පොලිසිය පවසයි. 20 July 2019
ගසක් කඩා වැටී යතුරු පැදිකරු මරුට රත්ගම ඕවකන්ද ප්‍රදේශයේදි ධාවනය වෙමින් තිබු යතුරු පැදියක් මතට ගසක් කඩා වැටීමෙන් යතුරු පැදිකරු මියගොස් තිබේ. 20 July 2019
නීති විරෝධී තේක්ක දැව කඳන් සමග අයෙක් අත්අඩංගුවට සාලියවැව පොලිස් වසමට අයත් නීලබැම්ම ජනපදයේ දකුණු ඉවුරේ පිහිටි ඉඩමකින් නීති විරෝධීව කපන ලද බව කියන තේක්ක දැව කඳන් 40ක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගත් බව සාලියවැව පොලීසිය පැවසීය. 20 July 2019
වාහනයක ගැටී ඇතින්නක තුවාල ලබයි පුත්තලම - අනුරාධපුර මාර්ගයේ 6 කණුව ප්‍රදේශයේ කිසියම් වාහනයක වැදුණු වන ඇතින්නක තුවාල ලබා මාර්ගය අයිනේ වැටී ඇතැයි කරුවලගස්වැව වන ජීවී කාර්යාලය කියයි. 20 July 2019
අනතුරකින් සිසුවියක් මරුට මෙවර උසස් පෙළ විභාගයට පෙනී සිටීමට නියමිතව සිටි ශිෂ්‍යාවක් උපකාරක පංතියකට ගොස් ආපසු නිවසට එන අතරතුරේ වීරවිලදී බස් රථයෙන් බැස පාර මාරුවෙමින් සිටියදී වාහනයක හැපීමෙන් සිදු වූ අනතුරෙන් මරණයට පත්වී ඇතැයි වීරවිල පොලිසිය පවසයි. 20 July 2019
වෙරළ ඛාදනයෙන් ධීවර නිවාසවලට දැඩි හානි මේ දිනවල මහ මුහුද පිහිටි ප්‍රදේශයන්ට බලපා ඇති දැඩි සුළං හේතුකොට ගෙන හලාවත වැල්ල ධීවර ගම්මානයේ ධීවර පවුල්වලට ආපදා තත්ත්වයට මුහුණ දීමට සිදුව ඇති බව පුත්තලම දිසාපති කාර්යාලය කියයි. 20 July 2019
ගිනි අවි සමග දෙදෙනෙකු අත්අඩංගුවට ටී 56 ගිනි අවියක්, 303 වර්ගයේ විදේශීය රටක නිෂ්පාදිත ගිනි අවියක් පතොරම් 90 හා මැගසින් 03ක් සමග පුද්ගලයින් දෙදෙනෙකු කුමාරකන්ද ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත්බැව් උඩුගම පොලිසිය පවසයි. 20 July 2019
බුරුත දැව ප්‍රවාහනය කළ ලොරි රථයක් අත්අඩංගුවට අනවසරයෙන් බුරුත දැව ප්‍රවාහනය කළ ලොරි රථයක් සහ ඔත්තු බැලීමට උපයෝගී කර ගත් යතුරු පැදියක් අද (19) රාත්‍රී අත් අඩංගුවට ගැනීමට මඩුපාර අඩවි වන කාර්යාලයේ නිලධාරීන්ට හැකිවී ඇත. 19 July 2019
දැදුරු ඔය කුඩා ජල විදුලි බලාගාරයේ ඉදිකිරීම් ආරම්භ වෙයි ජාතික විදුලි බල පද්ධතියට තවත් මෙගාවොට් 1.3 ක ධාරිතාවක් එක් කෙරෙන දැදුරු ඔය කුඩා ජල විදුලි බලාගාරයේ ඉදිකිරීම් කටයුතු විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති රාජ්‍ය අමාත්‍ය චම්පික ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් අද (19) ආරම්භ කෙරිණි. 19 July 2019
ගසක් කඩා වැටී තලවකැලේ- නාවලපිටිය මාර්ගය අවහිර වෙයි තලවකැලේ- නාවලපිටිය මාර්ගයට බෝගහවත්ත, දිඹුල ප්‍රදේශයේදී අද (19) සවස ගසක් කඩා වැටීම නිසා එම මාර්ගයේ රථ වාහන ගමනා ගමනයට බාධා එල්ල විය. 19 July 2019
කොස්අත්ත ඉවත් කරන්න ගිය අයෙක් තාප්පය කඩා වැටී මරුට තම ගෙවත්තේ තද සුළඟට කඩා වැටුණු කොස්අත්තක් ඉවත් කිරීමට යාමේදී එහි තාප්පයට සිරවූ කොටස ඉවත් කරන අවස්ථාවේදී තාප්පය කඩා වැටී එයට යටවීමෙන් බරපතල තුවාල ලැබූ 39 හැවිරිදි විවාහකයෙක් අද (19) කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත් කිරිමෙන් පසු මියගිය බව ගාල්ල පොලීසිය කියයි. 19 July 2019
මුහුදේ පාවෙමින් තිබු විනාශ වු යානයක කොටස් හමුවෙයි සාම්පූර්, මලෙයි මුන්දල් නාවික කදවුරට ආසන්න මුහුදේ පාවෙමින් තිබූ පුපුරා ගිය හෝ විනාශ වී ගිය බවට සැක කරන රොකට්ටුවක හෝ ගුවන් යානයක කොටස් කිහිපයක් ඊයේ (28) ධීවර පිරිසක් විසින් සොයාගෙනතිබේ.. 29 December 2025