IMG-LOGO

2025 සැප්තැම්බර් මස 27 වන සෙනසුරාදා


යාත්‍රා 2ක අසුරා තිබූ බීඩී කොළ තොගයක් සොයාගනියි

(පද්මා කුමාරි කංකානම්ගේ )
 
ඉලන්තඩිය මුහුදු තීරයට පාවී ආ යාත්‍රා 2 අසුරා තිබූ බීඩී කොළ  කිලෝග්රෑම් 960ක්, කල්පිටිය විජය නාවික හමුදාව මගින් ඊයේ රාත්‍රී (19) අත්අඩංගුවට ගෙන ඇත.

මෙම බීඩී කොළ  සමග යාත්‍රා දෙක සහ එන්ජිම් ද අත් අඩංගුවට ගෙන ඇත.

මේ අතර ඊයේ (19) දින නොරෙච්චෝලේ වෙරළ තීරයට ගොඩ ගසා තිබුණු බීඩී කොළ කිලෝග්‍රෑම් 23 ක, ඇසුරුමක් නොරොච්චෝල පොලිසිය භාරයට ගෙන ඇති බව නොරොච්චෝල පොලිස් ස්ථානාධිපති නිලන්ත බණ්ඩාර මහතා පවසයි.

මෙදිනම බත්තලංගුංඩුව වෙරළ තීරයට පාව ආ තවත් බීඩීකොළ  කිලෝ ග්‍රෑම් 25ක ඇසුරුමක් බත්තලංගුංඩුව පොලිසිය භාරයේ පවතින බැව්, කල්පිටිය පොලිස් ස්ථානාධිපති ලක්ෂ්මන් රංවලආරච්චි මහතා පවසයි.
 
ඉන්දියාවේ සිට මෙරටට ප්‍රවාහනය කරමින් තිබූ බීඩී කොළ සහිත යාත්‍රාවක, ඉන් ගිලිහුණු බීඩී කොළ මෙසේ කල්පිටිය මුහුදේ පා වෙමින් තිබූ බවට ආරක්ෂක අංශ සැක කරයි.

 



අදහස් (0)

යාත්‍රා 2ක අසුරා තිබූ බීඩී කොළ තොගයක් සොයාගනියි

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 32379 39



රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14887 10


මේවාටත් කැමතිවනු ඇති

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 100 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 381 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1308 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

Our Group Site