(එස්. ඩී. කොඩිකාර)
තේ, කුරුඳු සහ ගම්මිරිස්වල මිල වහා ඉහළ දමන ලෙස රජයට බල කරමින් ගොවීහු පිරිසක් අද (22) මොරවක බස් නැවතුම්පොළ ඉදිරිපිටදී විරෝධතාවයක නියැලුණහ.
කුඩා තේ වතු හිමියන්ගේ ජාතික සම්මේලනය විසින් මෙම විරෝධතාව සංවිධානය කර තිබුණි.
කුඩා තේ වතු හිමියන්ගේ ජාතික සම්මේලනය ජාතික සංවිධායක ලාල් ප්‍රේමනාත් මහතා මෙසේ පැවසීය.
“මේ වන විට අමු තේ දලු කිලෝවක මිල රුපියල් 60 - 70 දක්වා මිල පහත බැස තිබෙනවා. ගොවියට පොහොර සහනාධාර කලට වෙලාවට විධිමත් ආකාරයකට ලැබෙන්නේ නැහැ. නිෂ්පාදන පිරිවැය ඉහළ ගිහින්. දැනට එකතු කරන සෙස් බද්ද 2000 වර්ෂයේ සිට ආණ්ඩුවේ ඒකාබද්ධ අරමුදල අරගෙන නාස්ති කරනවා. ඒ වගේම කසළ තේ ජාවාරම කරගෙන යනවා. ඒ සඳහා රජය කිසිදු වැඩපිළිවෙළක් අරගෙන නැහැ.
කුරුඳු ගම්මිරිස් මිල ඉතා සීග්‍රයෙන් පහළ බැසලා. ගම්මිරිස් කිලෝවක් රුපියල් 400 දක්වාත් කුරුදු කිලෝවක් රුපියල් 1200 දත්වාත් පහළ බැස තිබෙනවා. මේ රජය ගොවියා කබලෙන් ලිපට ඇද දාලා. අපි රජයට වහා බල කර කියනවා තේ, කුරුඳු, ගම්මිරිස් සඳහා සාධාරණ මිලක් ලබා දෙන්න කියලා” යැයි ඔහු කීය.
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
තේ, කුරුඳු, ගම්මිරිස් මිල ඉහළ දමන්නැයි ඉල්ලා විරෝධතාවක්
lalithm Monday, 22 July 2019 06:14 AM
තේ කුරුඳු විතරක් නොවේ රබර් 2014 ඉඳලම කපලා වැඩක් නැහැ. කපන කෙනාට ගෙව්වම වතුහිමියා හිඟා කන්න ඕනේ. ඒත් මෙහෙම උද්ඝෝෂණ කරන්න කව්රුත් නැහැ.