(කුෂාන් ජයවර්ධන)
අනාරක්ෂිත වගා ළිඳකට වැටී සිටි ගැබ්බර මුවදෙනකගේ දිවි බේරා ගැනීමට ගල්කිරියාගම ඉඳිගොල්ලාගම ගම්වැසියන් පිරිසක් අද (21) දහවල් සමත් විය.
මෙලෙස බේරාගැනීමට සමත්ව ඇත්තේ ගැබ්බර තිත්මුව දෙනකි. අනාරක්ෂිත වගා ළිදේ වැටී සිටියදී එලෙස දිවි බේරාගත් ගැබ්බර මුවදෙන නිරුපද්‍රිතව ගල්කිරියාගම වනජීවී කාර්යාලයේ නිලධාරීන්ට බාරදීමට ද එම ගම්වැසියන් පිරිස කටයුතු කර තිබිණි.
ප‍්‍රදේශයට බලපා ඇති වියළි කාලගුණීක තත්ත්වයත් සමඟ අවට වනාන්තරවල වෙසෙන වන සතුන් මේ දිනවල ආහාර හා ජලය සොයා ගම්වැදීමට පටන් ගෙන තිබේ.මෙම ගැබ්බර මුවදෙන ද එලෙස ජලය සොයා යන අතරතුරදී මෙම අනාරක්ෂිත වගා ළිඳට වැටෙන්නට ඇති බව වනජීවී නිලධාරීහු පවසති.
ගම්වැසියන්ගේ මැදිහත්වීමෙන් දිවි බේරාගැනීමට කටයුතු කර තිබූ එම ගැබ්බර මුවදෙන පසුව ගල්කිරියාගම වනජීවී කාර්යාලයේ නිලධාරීන් මැදිහත්ව කලාවැව ජාතික උද්‍යානය වෙත නිරුපද්‍රිතව මුදා හැරීමට කටයුතු කර තිබිණි.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබ සැමට පින් සිදුවෙනවා ජාති ජාතිත් , මිනිසුන්ට වගේ යන්න රෝහල් නැති අහිංසක වන සතුන් , පෙර නොවූ විරු ලෙස සිදුවන හානිය නිසා වල්මත් වුනු සත්තු. මිනිසෙකුගේ ජීවිතයත් මොණරු කොළ 2 කට සිමවුන යුගයේ ලොකු පිනක්