ජී.ඩබ්ලිව්.කේ.ප්‍රේමතිලක ද සිල්වා
තම ගෙවත්තේ තද සුළඟට කඩා වැටුණු කොස්අත්තක් ඉවත් කිරීමට යාමේදී එහි තාප්පයට සිරවූ කොටස ඉවත් කරන අවස්ථාවේදී තාප්පය කඩා වැටී එයට යටවීමෙන් බරපතල තුවාල ලැබූ 39 හැවිරිදි විවාහකයෙක් අද (19) කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත් කිරිමෙන් පසු මියගිය බව ගාල්ල පොලීසිය කියයි.
මෙලෙස මියගොස් ඇත්තේ ගාල්ල හීන්පැන්දල පදිංචිව සිටි නාගහවත්ත ආරච්චිගේ ඉසුරු ජානක නැමැති අයෙකි. මියගිය අයගේ මළ සිරුර පිළිබඳ පශ්චාත් මරණ පරික්ෂණය පැවැත්වීමට නියමිතය.
ගාල්ල පොලීසිය මෙම සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරික්ෂණ පවත්වයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd