(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
දෙහිවල පොලිස් වසමට අයත් ප්‍රදේශ දෙකකදී අද(21) කළ වැටලීම් දෙකකින් මාවා මත්ද්‍රව්‍ය පැකට් 150ක් සමඟ පුද්ගලයින් පස්දෙනෙකු අත්අඩංගුවට ගත් බව ගල්කිස්ස කොට්ඨාස දූෂණ මර්දන අංශය කියයි.
එම මාවා මත්ද්‍රව්‍යවල වටිනාකම රුපියල් 30,000ක පමණ වන බව පොලිසිය කියයි.
අත්අඩංගුවට පත්වූවන් අතර මාවා පැකට් මිලදී ගැනීමට පැමිණි පුද්ගලයින් දෙදෙනෙකුද වන බව පොලිසිය පවසයි.
ගල්කිස්ස කොට්ඨාස දූෂණ මර්දන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂකවරයා ලද තොරතුරකට අනුව දෙහිවල විජය කුමාරතුංග පිළිරුව පිටුපස තාවකාලිකව නගන ලද කූඩාරමක හා ඇල්බට් පෙදෙසේ වෙළඳසැලක වැටලීම කළ බව පොලිස් නිලධාරියෙක් පැවසීය.
අත්අඩංගුවට ගත් පුද්ගලයන් ගල්කිස්ස අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
මාවා පැකට් 150ක් සමඟ 5ක් අත්අඩංගුවට