(පුෂ්පකුමාර මල්ලවආරච්චි)
අඹේපුස්ස අවට ප්‍රදේශයේ සැරිසරමින් කලක් තිස්සේ සංවිධානාත්මකව රහසිගතව හමුදා සෙබලුන්ට ගංජා අලෙවි කිරීමේ යෙදුණු බව කියන ත්‍රිරෝද රියදුරකු ගංජා ග්‍රෑම් 300 ක් සමග අද (20) අත්අඩංගුවට ගත් බව මීරිගම පොලිසිය කියයි.
මීරිගම පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක එස්.ඩී.ආර්. ප්‍රියන්ත මහතාට ලත් තොරතුරක් අනුව අඹේපුස්ස මොට්ටෑවවත්තේ වෙසෙන මෙම සැකකරු හමුවට උපාය දූතයකු ලෙස පොලිස් නිලධාරියෙකු යවා ගංජා මිලදී ගැනීමෙන් පසු ඒ අවට රැකවල් ලා සිටි පොලිස් කණ්ඩායමක් විසින් ඔහු අත්අඩංගුවට ගෙන ඇත.
අනතුරුව සැකකාර ත්‍රිරෝද රථ රියදුරාගේ නිවසේ කාමරය පරීක්ෂා කිරීමේදී තවත් ගංජා තොගයක් තිබී පොලිසියට හමුවී ඇත. සැකකරු හමුදා සෙබලුන් ඉලක්ක කරගනිමින් කලක් තිස්සේ ගංජා අලෙවියේ යෙදී ඇතැයි මූලික පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ.
සැකකරු ගංජා ලබාගන්නා ආකාරය අනාවරණය කර ගැනීමට පොලිස් පරීක්ෂන පැවැත්වෙන අතර සැකකරුට එරෙහිව ගංජා ජාවාරම් කිරීම යටතේ මහාධිකරණය හමුවේ චෝදනා ඉදිරිපත් කිරීමට පොලිසිය පියවර ගෙන තිබේ. සැකකරු හෙට (21) අත්තනගල්ල මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීීමට නියමිතය.
2025 දෙසැම්බර් මස 04
805
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
592
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
467
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ගංජා අලෙවි කළ අයෙක් අත්අඩංගුවට
අප්පුහාමි Sunday, 21 July 2019 01:14 AM
ගංජා හෙවත් කංසා කියන්නේ ඉතා වටිනා බෙහෙතෙක්.මේ වර්ගය පාවිච්චිකල ආදී සිංහලයා මේ රටේ විශාල වාරිමාර්ග හා වැව් දාගැබ් වැනි ඉදිකිරීම් කලා. රට යටත්කර ගත් විදේශිකයින්ට මෙන් තුවක්කු නොතිබුනත් ශරීර ශක්තියෙන් ඔවුන්ට පහරදීමට සිංහලයින්ට හැකිවුනා.මෙය නොඉවසූ සුද්දන් සිංහලයාගේ ශක්තිය නැතිකිරීමටත් දේශීය වෙදකම නැතිකිරීමටත් මෙරටේ කංසා තහනම් ද්‍රව්‍යයක් කලා. තහනම පැනවූ සමහර රටවල් මේවනවිට තහනම ඉවත්කරගෙන ඇතත් අපරටේ මෙතෙක් තහනම ඉවත්කරගෙන නැහැ..මට හිතෙනවා සිංහල බෙහෙත් වර්ගයක් වන ගංජා හෙවත් කංසා වගාවට අවසර දුන්නොත් මෙරටට ගෙනෙන විදේශ මත්කුඩු වර්ග අඩුවේවි කියල.