(ඩී.ජී.සුගතපාල)
විදුලිය මිලදී ගැනීමේ බලය විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක මහතාට පවරා ගැනීමට ගෙනෙන ලද පනත් සංශෝධනයට එරෙහිව දිවයින පුරා පවත්වනු ලබන උද්ඝෝෂණ මාලාවේ පළමුවැන්න අද(22) ගාල්ල නගරයේදී පැවැත්විණි.
විදුලිය පාවිච්චිකරන්නන්ගේ සංගමය විසින් මෙය සංවිධානය කර තිබිණි.
එහි ජාතික කැඳවුම්කරු සංජීව ධම්මික මහතා කියා සිටියේ විදුලි ජනන සැලසුම් මගින් අනුමත විදුලි බලාගාර ඉදිකිරීම හිතාමතාම නතර කර ඩීසල් බලාගාරවලින් අත්තනෝමතික ලෙස අධික මිලට විදුලිය ගැනීම නිසා ජාතික ආර්ථිකයට රුපියල් බිලියන සියයක පාඩුවක් සිදුකර ඇති බවය.
විදුලි පනත සංශෝධනය කර විදුලිය මිලදීගැනීමේ බලය ඇමති මණ්ඩලයට පවරාගැනීමට පියවර ගෙන තිබෙන බවත්, මහා පරිමාණ විදුලිය මිලදීගැනීමේ වංචාවක් සඳහා සැකසු අලුත්ම කැබිනට් පත්‍රිකාව වන්නේ විදුලිය මිලදී ගැනිමේ බලය එම ඇමතිවරයාට පවරන පනත් සංශෝධනය බවත් මේ තුළින් විශාල වංචාවක් සිදුවන බවත් ඒ මහතා කියා සිටියේය.
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
විදුලිබල පනත් සංශෝධනයට එරෙහිව ගාල්ලේදී විරෝධතාවක්