(ප්‍රියන්ත ජයලත් සහ බුද්ධික කුමාරසිරි)
ලක්‍ෂපාන විදුලිබලාගාරයේ සිට බියගම දක්වා විදුලිය රැගෙන යන මෙගා වොට් 280000 ක පමණ අධි බලැති රැහැන් පද්ධතියක් යෝජිත මාර්ගය වෙනස් කරමින් හෝමාගම, මීගොඩ, නඩුහේන ප්‍රදේශය ඔස්සේ රැගෙනයාමට සැලසුම් කර ඇතැයි පවසමින් ඊට විරෝධය දක්වා අද(21) මීගොඩ ජනතාව උද්ඝෝෂණයක නිරත වූහ.
එම ප්‍රදේශයේ නිවාස 50 ක පමණ ජනතාව මේ හේතුවෙන් පීඩාවකට පත් වී ඇති බවත් විදුලිය රැගෙන යාමට නියමිත මාර්ගය දේශපාලන මැදිහත්වීමක් මත වෙනස් කර ඇති බවත් ඔවුහු පැවසූහ.
මේ පිළිබඳව අදාළ බලධාරීන්ගේ අවදානය යොමු කර මෙම විදුලි රැහැන් පද්ධතිය යෝජිත මාර්ගයේ ඉදිකරමින් තම ජීවිත සහ නිවාස බේරා දෙන ලෙස බලධාරීන්ගෙන් ජනතාව ඉල්ලා සිටිති.
මෙම අවස්ථාවට හෝමාගම ප්‍රාදේශීය සභාවේ සභාපති සම්පත් චමින්ද ජයසිංහ , හෝමාගම ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරුන් වන අරුණ පනාගොඩ, අරුණ බමුණුආරච්චි, කමල් චන්දන යන මහත්වරු සමඟ ප්‍රදේශවාසීහු විශාල පිරිසක් සහභාගී වූහ.


2025 දෙසැම්බර් මස 04
801
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
588
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
466
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
අධිබල විදුලි රැහැන් එළීමේ මාර්ගය වෙනස්කළැයි විරෝධතා
sam Sunday, 21 July 2019 09:06 AM
මෙගා වොට් හාරදාහක් යාන්තමින් ජනනය කරන රටේ මෙගා වොට් 280000 ක් ගෙනියන්න රැහැන් එලනවාද ?????