(ප්‍රියන්ත ජයලත් සහ බුද්ධික කුමාරසිරි)
ලක්‍ෂපාන විදුලිබලාගාරයේ සිට බියගම දක්වා විදුලිය රැගෙන යන මෙගා වොට් 280000 ක පමණ අධි බලැති රැහැන් පද්ධතියක් යෝජිත මාර්ගය වෙනස් කරමින් හෝමාගම, මීගොඩ, නඩුහේන ප්‍රදේශය ඔස්සේ රැගෙනයාමට සැලසුම් කර ඇතැයි පවසමින් ඊට විරෝධය දක්වා අද(21) මීගොඩ ජනතාව උද්ඝෝෂණයක නිරත වූහ.
එම ප්‍රදේශයේ නිවාස 50 ක පමණ ජනතාව මේ හේතුවෙන් පීඩාවකට පත් වී ඇති බවත් විදුලිය රැගෙන යාමට නියමිත මාර්ගය දේශපාලන මැදිහත්වීමක් මත වෙනස් කර ඇති බවත් ඔවුහු පැවසූහ.
මේ පිළිබඳව අදාළ බලධාරීන්ගේ අවදානය යොමු කර මෙම විදුලි රැහැන් පද්ධතිය යෝජිත මාර්ගයේ ඉදිකරමින් තම ජීවිත සහ නිවාස බේරා දෙන ලෙස බලධාරීන්ගෙන් ජනතාව ඉල්ලා සිටිති.
මෙම අවස්ථාවට හෝමාගම ප්‍රාදේශීය සභාවේ සභාපති සම්පත් චමින්ද ජයසිංහ , හෝමාගම ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරුන් වන අරුණ පනාගොඩ, අරුණ බමුණුආරච්චි, කමල් චන්දන යන මහත්වරු සමඟ ප්‍රදේශවාසීහු විශාල පිරිසක් සහභාගී වූහ.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙගා වොට් හාරදාහක් යාන්තමින් ජනනය කරන රටේ මෙගා වොට් 280000 ක් ගෙනියන්න රැහැන් එලනවාද ?????