(ක්‍රිෂාන් ජීවක ජයරුක් සහ සුජීව සමරක්කොඩි)
පසුගිය දින කිහිපයේ මාතර දිස්ත්‍රික්කයට බලපෑ තද සුළං නිසා නිවාස 80 කට පමණ හානි සිදු වී ඇතැයි මාතර දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.
එහි සහකාර අධ්‍යක්ෂක ලුතිනන් කර්නල් ප්‍රියංකර පියසේන මහතා පැවසූවේ ඉකුත් සිකුරාදා (19) නිවාස 72 කට හානි සිදු වී ඇති බවට තොරතුරු වාර්තා වී බවයි.
ඉන් පසුව සිදුව ඇති හානිවීම් පිළිබඳව අද (21) දින ගණනය කරන බවද ඒ මහතා කීය. මාතර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පමණක් නිවාස 20 කට පමණ හානි සිදු වී තිබෙන බව මාතර ප්‍රාදේශීය මහ ලේකම් දර්ශන වික්‍රමආරච්චි මහතා පැවසීය.
දෙවිනුවර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ නිවාස 7 කට පමණ හානි සිදු වී ඇති බව එහි ප්‍රාදේශීය ලේකම් රංජිත් යාපා මහතා කීය.
මේ අතර කද්දුව නාරංගොඩ ප්‍රදේශයේ දෙමහල් නිවසක් මතට ඇකේෂියා ගසක් කඩා වැටීම නිසා එම නිවසට දැඩි අලාභ හානි සිදු වී ඇත.
නිවස තුළ සිටි 72 හැවිරිදි පුද්ගලයෙකු ද සුළු තුවාල ලබා තිබේ. මාතර යටියන ප්‍රධාන මාර්ගය මතට පොල් ගසක් කඩා වැටීම නිසා පැය කිහිපයක් ගමනගමන කටයුතු අඩාල වී තිබුණි.
උඩ අපරැක්ක ආගරවල ප්‍රදේශයේ ද විශාල ගසක් කඩා වැටී විදුලි රැහැන් පද්ධතියට හානි සිදු වී තිබේ. කෙසේ නමුදු හක්මන විදුලි බල මණ්ඩලයේ සේවකයින් පෙරේදා (20) සවස් වනවිට විදුලි රැහැන් පද්ධතිය යළි යථා තත්වයට පත් කර තිබුණේය. මේ ආකාරයට මාතර දිස්ත්‍රික්කය පුරා ස්ථාන රැසක විශාල ගස් සහ විශාල නාම පුවරු සුළගට කඩා වැටී ඇත. දින හතරක පමණ කාලයක සිට විටින් විට ඇති වන තද සුළං තත්වය අද (21) වන තෙක්ම පැවතිණි.වර්ෂාවට විටින් විට ඇද හැලෙමින් තිබේ.


2025 දෙසැම්බර් මස 04
805
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
592
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
467
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
සුළඟින් මාතර නිවාස 80කට හානි