(එච්. චන්දන)
පුත්තලම - අනුරාධපුර මාර්ගයේ 6 කණුව ප්‍රදේශයේ කිසියම් වාහනයක වැදුණු වන ඇතින්නක තුවාල ලබා මාර්ගය අයිනේ වැටී ඇතැයි කරුවලගස්වැව වන ජීවී කාර්යාලය කියයි.
ඊයේ (19) රාත්‍රි 11.00 පමණ මෙම වන ඇතින්න මෙම අනතුරට ලක්වී ඇති බවත්, ඇතින්නගේ දකුණු ඉදිරි පාදයේ දණහිස ආසන්නයේ තුවාල වී නැගිට ගන්නට නොහැකි තත්වයක් ඇති වී තිබේ. වයස අවරුදු 10 – 12 විය හැකි ඇතින්නගේ මෙම කකුල ඉතා දරුණු ලෙස තුවාල වී, රුධිරය දැඩි ලෙස වහනය වන බවත්, කිහිපවිටක් ඇතින්න නැගිටීමට උත්සාහ කළද එය අසාර්ථක වූ බව වන ජීවී නිලධාරීහු සඳහන් කළහ.
මෙම මාර්ගයෙන් ගමන් ගත් කුමන වාහනයක් මෙම ඇතින්නගේ වැදුනේද යන්න නිශ්චිතව කිව නොහැකි බවත්, විශාල ලොරි රථයක් වැනි දෙයක් ඇතින්න මාර්ගය මාරු වන විට ගැටෙන්නට ඇතැයි වන ජීවි නිලධාරීහු සැක පහළ කරති.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd