(සුමතිපාල දීයගහගේ)
අහංගම මැලියගොඩ ෆොන්සේකාවත්තේ නිවසක ශීතකරණයේ සඟවා තිබූ රුපියල් 169000 ක් වටිනා රන් ආභරණ සොරකම් කිරීම සම්බන්ධයෙන් එම රන් ආභරණ හිමිකාරියගේ ඥාති පුතෙකු අද (20) අත්අඩංගුවට ගත් බව අහංගම පොලිසිය පවසයි.
මෙම නිවසේ පදිංචි කාන්තාව ඇය සතු රන්මුදු 6ක්, අත්පළඳනාවක්, පෙන්ඩනය සහිත රන් දම්වැලක් ප්ලාස්ටික් බඳුනක බහා නිවසේ ශීතකරණයේ සඟවා තිබිණි.
මේ අතර මාසයකට පසුව ඊයේ (19) එම කාන්තාව ශීතකරණය පරික්ෂාකර බලන විට එම රන් ආභරණ බඳුන කිසිවෙකු විසින් සොරකම් කර ගෙන ඇති බව දැන පොලිසියට පැමිණිලිකර තිබේ.
ඒ අනුව පරික්ෂණ පැවැත් වූ පොලිසිය එම නිවසේම ඉදිරිපස කාමරයේ නැවතී සිටින ඇගේ ඥාති පුතෙකු අත්අඩංගුවට ගත් බව පොලිසිය පැවසිය. සොරකම් කළ රන් ආභරණ වැලිගම නගරයේ රාජ්‍ය බැංකුවකට උකස්කර ඇති බවද පොලිසිය විසින් අනාවරණය කර ගෙන තිබේ.
සැකකරු අද (20) ගාල්ල මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.
2025 දෙසැම්බර් මස 04
801
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
588
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
466
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
රන් භාණ්ඩ සොරාගත් ඥාතිපුත්‍රයා අත්අඩංගුවට