සම්පත් ප්‍රියනන්දන සහ නාලක ජේ හෙට්ටිආරච්චි
බලන්ගොඩ රාස්සගල මාර්ගයේ බුලත්ගම ප්‍රදේශයේ නිවසකට ඇතුළු වු පුද්ගලයකු එම නිවසේ සිටි විශ්‍රාමික විදුහල්පතිවරයකුගේ ගෙල කපා ඝාතනය කර අද (23) පලා ගොස් ඇති බව පොලිසිය පවසයි.
එම විශ්‍රාම විදුහල්පතිවරයා ප්‍රතිකාර සඳහා බලන්ගොඩ මුලික රෝහලට ඇතුළත් කර තිබේ.
මෙලෙස රෝහල් ගත කර ඇත්තේ බුලත්ගම ප්‍රදේශයේම පදිංචි 62 හැවිරිදි පුද්ගලයකු බව පොලිසිය කියයි.
නිවසට ඇතුළු වී විශ්‍රාම විදුහල්පතිවරයාගේ ගෙල කපා පලා ගිය පුද්ගලයාගේ හිස් වැසුම එම නිවසේ වැටී තිබියදී පොලිසිය විසින් සොයා ගන්නා ලදී.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
විශ්‍රාමික විදුහල්පතිවරයකුගේ ගෙල කපා ඝාතනය කර පලා ගොස් ඇති බව පොලිසිය පවසයි. විශ්‍රාම විදුහල්පතිවරයා ප්‍රතිකාර සඳහා බලන්ගොඩ මුලික රෝහලට ඇතුළත් කර තිබේ එතකොට විශ්‍රාම විදුහල්පතිවරයා දැන් ජීවතුන් අතර ඉන්නවද? නැද්ද?