(නිශාන්ත කුමාර)
තමන් පදිංචිව සිටින මහවැලි අධිකාරියට අයත් ඉඩමට මෙතෙක් කලක් බලපත්‍රයක් ලබා නොදීම සම්බන්ධයෙන් විරෝධතාව දැක්වීම පිණිස සිය ගෙවත්තේ අඩි 30 ක් පමණ උස තේක්ක ගසකට නැග උපවාසයක් ආරම්භ කළ කාන්තාව අද (23) දහවල් මහවැලි කාර්යාලයෙන් ලද කැදවීමක් මත ගසින් බිමට බැස උපවාසය අත් හළ බව ගිරාදුරුකෝට්ට පොලිසිය පවසයි.
ගිරාදුරුකෝට්ටේ පොලිස් වසමට අයත් අංක 10 තෙල්දෙණියාය, ගිරාදුරුකෝටිට ලිපිනයේ පදිංචි සමන්ති කුමාරි (30) නැමැති කාන්තාව විසින් මෙම උපවාසය ආරම්භ කර තිබිණී.
ඇය ඊයේ (22) දහවල් නිවස අසල තිබූ තේක්ක ගසකට නැගී මෙම උපවාසය ආරම්භ කල අතර සවස 7.30 පමණ වන තුරුත් වග කිවයුතු නිලධාරියකු එහි නොපැමිණීම නිසා ගසින් බිමට බැස උපවාසය තාවකාලිකව නවතා දැමූ අතර යළිත් අද (23) උදෑසන එම ගසටම නැගී උපවාසය ආරම්භ කරනු ලැබීය.
කෙසේ වෙතත් මහවැලි අධිකාරිය මගින් අද (23) උදෑසන කරන ලද දැනුම් දීමක් මත මහවැලි කාර්යාලය වෙත යාම සඳහා අද (23) දහවල් 11.30 ට පමණ ඇය තේක්ක ගසින් බිමට බැස තිබූ බව ගිරාදුරුකෝට්ට පොලිසිය පවසයි.
රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්
මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
තේක්ක ගසේ උපවාස කළ කත බිමට බසී