(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
පානදුර උතුර පොලිසියේ පොලිස් කොස්තාපල්වරුන් හත්දෙනෙකු ඇතුළු නිලධාරීන් 11දෙනෙකුට අද(22) සිට ස්ථාන මාරුවීම් ලබාදී ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය කියයි.
පානදුර කොට්ඨාස බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ලක්සිරි විජේසේන මහතාගේ උපදෙස් මත මාරුවීම් ලබාදී ඇතැයිද, එම නිලධාරීන් පානදුර පොලිස් කොට්ඨාසය තුළ පිහිටි බණ්ඩාරගම, පානදුර දකුණ, ඉංගිරිය, මිල්ලනිය, වාද්දුව, අගුරුවාතොට, මොරගහහේන සහ හොරණ පොලිස් ස්ථාන වෙත අනුයුක්ත කර ඇතැයිද පානදුර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කාර්යාලය කියයි.
මාරුවීම් ලද නිලධාරීන් අතර, උප පොලිස් පරීක්ෂකවරයෙකු, සැරයන්වරයෙකු, පොලිස් සැරයන්වරියක, පොලිස් කොස්තාපල්වරුන් හත්දෙනෙකු සහ පොලිස් ආරක්ෂක සහයකවරයකු ඇතුළත්ව ඇතැයි එම කාර්යාල ආරංචි මාර්ග පවසයි.
පානදුර උතුර පොලිසියෙන් අස්ථානගත වූ ටී.56 ගිනි අවි දෙක මේ වනතුරුත් හමු වී නොමැති අතර, ඒ සම්බන්ධයෙන් පානදුර උතුර පොලිසියේ එවකට ස්ථානාධිපති ලෙස කටයුතු කළ පොලිස් පරීක්ෂක ප්‍රභාත් පරණවිතාන මහතාගේ සහ පොලිස් කොස්තාපල්වරයකුගේ සේවය අත්හිටුවීමට වැඩබලන පොලිස්පතිවරයා කටයුතු කළේය.
පානදුර උතුර පොලිසියේ පරිපාලන කටයුතු විධිමත් කිරීම සඳහා මෙම පොලිස් නිලධාරීන්ට ස්ථාන මාරුවීම් ලබාදුන් බවත්, ඒ වෙනුවට එම පොලිස් ස්ථානවල රාජකාරී කළ පොලිස් නිලධාරීන් පානදුර උතුර පොලිසිය වෙත යොමු කිරීමට කටයුතු කළ බවත් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කාර්යාලයේ නිලධාරියෙක් පැවසීය.
2025 දෙසැම්බර් මස 04
800
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
588
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
465
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
පානදුර උතුර පොලිසියේ 11කට මාරුවීම්