(ප්‍රින්ස් රත්නායක)
ශ්‍රී ලංකා විශ්වවිද්‍යාල අනධ්‍යන සේවක වෘත්තීව සමිති 7 ක් එක්ව පිහිටුවා ගත් ජාතික විශ්වවිද්‍යාල වෘත්තීය සමිති මධ්‍යම කමිටුව මගින් අද 23 වැනිදා සියලු විශ්වවිද්‍යාල සේවක ප්‍රජාව දැනුවත් කරමින් අත්පත්‍රිකා දස දහසක් බෙදා හැරීමට පියවර ගත්හ.
විශ්වවිද්‍යාල ප්‍රජාවට පවතින ගැටලු සම්බන්ධව සේවක ප්‍රජාව දැනුවත් කිරීම මූලික සිදු කරනු ලබන අතර ඒ සඳහා උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ සහ රජයේ මැදිහත්වීමෙන් පවතින ගැටලු නිරාකරණය කරගැනීමට මෙම සංගමය මැදිහත්වීම සිදු කරන බව එහි ප්‍රකාශකයෙක් පැවසීය.
එහිදී දීර්ඝ කාලීන සේවා ඇගයීමේ දීමනා ඇතුලු සියලු දීමනා වැඩි කිරීම,මාසික හිගහිටි දීමනාව (එම්.සී.ඒ.) මූළික වැටුපට එකතු කිරීම, 2016 අයවැය යෝජනාවලින් රාජ්‍ය අංශය සමග ඇතිවූ විෂමතා නිවැරදි කරගැනීම, කොන්ත්‍රාත් පදනමින් බඳවා ඇති සියලු සේවකයින් ස්ථිර කිරීම යන කරුණු පදනම් කරමින් සිය ඉල්ලීම් ෙලස දක්වා ඇත. ඉහත කරුණු සලාකා බැලීමට උසස් අධ්‍යාපන අමාත්‍යවරයා සමග සාක්ච්ඡාවක් ලබා දෙන ලෙස ඉල්ලීම් කර ඇත.
මේ සඳහා අන්තර් විශ්වවිද්‍යාලයීය පුස්තකාල පොදු සේවක සංගමය, පුස්තකාල තොරතුරු සහකාර නිලධාරීන්ගේ සංගමය, ශ්‍රී ලංකා විශ්වවිද්‍යාලයීය තොරතුරු තාක්ෂණවේදීන්ගේ සංගමය,වාණිජ කර්මාන්තහා සේවා ප්‍රගතිශිලී සේවක සංගමය , අන්තර් විශ්වවිද්‍යාලයීය සේවා වෘත්තීය සමිතිය, ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමය, ජාතික සේවක සංගමය යන සංගම් ඒකාබද්ධව මෙම ජාතික විශ්වවිද්‍යාල වෘත්තීය සමිති මධ්‍යම කම්ටුව පිහිටුවා ඇත.
2025 දෙසැම්බර් මස 04
800
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
588
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
465
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
විශ්වවිද්‍යාල සේවක ප්‍රජාවට අත් පත්‍රිකා බෙදයි