IMG-LOGO

2025 සැප්තැම්බර් මස 27 වන සෙනසුරාදා


නීතිවිරෝධීව ගණිකා වෘත්තියේ යෙදුණු චීන - රුසියානු කාන්තාවන් තිදෙනෙක් අත්අඩංගුවට

(ටී.කේ.ජී.කපිල )

සංචාරක වීසා මත ශ්‍රී ලංකාවට පැමිණ නීතිවිරෝධී ලෙස ගණිකා වෘත්තියේ යෙදී සිටි චීන සහ රුසියානු ජාතික කාන්තාවන් තිදෙනෙක් බම්බලපිටිය ප්‍රදේශයේ දී අද (17) ආගමන - විගමන දෙපාර්තමේන්තුවේ විමර්ශන සහ බුද්ධි ඒකකයේ නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන ඇති බව එම දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශක ගයාන් මිලින්ද මහතා පැවසීය.

ආගමන - විගමන දෙපාර්තමේන්තු විමර්ශන සහ බුද්ධි තොරතුරු ඒකකය වෙත ලද තොරතුරු මත ක්‍රියාත්මක වූ එම නිලධාරීන් පිරිස උපාය දූතයෙක් යොදවා මෙම කාන්තාවන් පිරිස අත්අඩංගුවට ගෙන තිබේ.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ වයස අවුරුදු 25 ත් 40 ත් අතර පසුවන මෙම රුසියානු කාන්තාවක් සහ චීන ජාතික කාන්තාවන් දෙදෙනෙක් බව  මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.

ශ්‍රී ලංකාවේ ආගමන - විගමන පනතේ ඇති විධිවිධාන අනුව සංචාරක වීසා මත මෙරටට පැමිණි කිසිවෙකුටත් ශ්‍රී ලංකාව තුළ රැකියා වල නිරත වීම තහනම් වන අතර ශ්‍රී ලංකාවේ අපරාධ නීතිය අනුව ගණිකා වෘත්තියේ යෙදීම ද තහනම් කටයුත්තකි.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇති කාන්තාවන් තිදෙනා මේ වනවිට මිරිහාන විශේෂ රැඳවුම් මධ්‍යස්ථානයේ රඳවා තබාගෙන ඇති අතර මොවුන් පිළිබඳව ඉදිරි විමර්ශන කටයුතු සිදු කර අවශ්‍ය නීතිමය පියවර ගැනීමට ආගමන සහ විගමන දෙපාර්තමේන්තු නිලධාරීහු කටයුතු කරමින් සිටිති.

මෙම අත්අඩංගුවට ගැනීම ආගමන - විගමන දෙපාර්තමේන්තුවේ විමර්ශන සහ බුද්ධි තොරතුරු ඒකකයේ නියෝජ්‍ය පාලක විපුල් කාරියවසම් මහතා ඇතුළු නිලධාරීන් පිරිසක් සිදු කර තිබුණි.

 



අදහස් (0)

නීතිවිරෝධීව ගණිකා වෘත්තියේ යෙදුණු චීන - රුසියානු කාන්තාවන් තිදෙනෙක් අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 32379 39



රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14886 10


මේවාටත් කැමතිවනු ඇති

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 100 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 381 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1308 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

Our Group Site