(දයාරත්න ඇඹෝගම)
නව හැවිරිදි දැරියක අපයෝජනය කළ බව කියන තරුණයකු අද(19) පරාක්‍රමපුරදී අත්අඩංගුවට ගත් බව පදවිය පොලිසිය කියයි.
මෙසේ අත් අඩංගුවට ගෙන ඇත්තේ පදවිය, පරාක්‍රමපුර පදිංචිව සිටින බේකරියක සේවය කරන 17 හැවිරිදි අයෙකි.
අත්අඩංගුවට ගනු ලැබු සැකකරු දැරියගේ පියාගේ බේකරියේ සේවය කරන පුද්ගලයෙකි.
සැකකරු ඊයේ(18) රාත්‍රි නවයට පමණ දැරියාගේ පියා සමග බේකරියේ පාන් නිෂ්පාදනය කිරීම සඳහා පිටි අනමින් සිටියදී වතුර තිබහ යැයි පවසමින් බේකරියට යාබදව පිහිටි නිවසට ඇතුළුවී ඇති බවද, එම අවස්ථාවේදි දැරියගේ මවද නිවසේ නොසිටි බවද, සැකකරු දැරිය අපයෝජනය කර ඇති බවද, ජලය පානය කිරීමට ගිය සේවකයා නොපැමිණිම හේතුවෙන් පියා නිවසට ගිය බවද දැරියගේ පියා දුටු සැකකරු නිවසින් පලා ගිය බවද පොලිසිය කියයි.
මේ සම්බන්ධයෙන් පොලිසියට ලද පැමිණිල්ල මත සැකකරු පොලිසිය විසින් අත් අඩංගුවට ගෙන තිබේ.
ඔහු අද(19) අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතය.
සිද්ධිය සම්බන්ධයෙන් පදවිය පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
2025 දෙසැම්බර් මස 04
789
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
584
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
463
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
දැරියක අපයෝජනය කළ තරුණයෙක් අත්අඩංගුවට