(ජයන්ත සමරකෝන්)
කොළඹ නගරය හා අවට නගර කීපයක හොරෙන් ජලය ගත් 560 දෙනෙකු කොටුකර ගෙන ඔවුන්ගෙන් ගතවූ මාස 6 තුළ රුපියල් කෝටි 2 ½ කට ආසන්න දඩ මුදලක් අයකර ගත් බව ජාතික ජල සම්පාදන හා ජලාප්‍රවාහන මණ්ඩලය පවසයි.
කොළඹ, මට්ටක්කුලිය, පාමංකඩ හා මාලිගාවත්ත ප්‍රාදේහීය ඉංජිනේරු කාර්යාල බල ප්‍රදේශවල හා කෝට්ටේ මහරගම, කැලණිය කළමනාකරණ බල ප්‍රදේශවල එම කාලය තුළ පරීක්ෂා කිරීම් 4361 ක් කර ඇතැයි කොළඹ අනවසර ජල වැටලීම් ඒකකයේ වාර්තාවල දැක්වේ.
ජල බිල්පත් නොගෙවීම මත ජල සැපයුම විසන්ධි කර තිබියදී හොරෙන් නැවත ජලය ලබාගත් 170 ක් ද,ජල මීටරයට පිටින් හොරෙන් ජලය ලබාගැනීම් 350 ක් ද නිසා දිනක ජලය ලබානොගෙන හොරෙන් ජලය ලබාගැනීම් 40 ක් ද මේ අතර වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd