(ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න)
මුදල් අමාත්‍යංශයේ විශ්‍රාමික නිලධාරිනියකට අයත් නේවාසික නිවසක රැඳී සිටිමින් එහි තිබූ රුපියල් ලක්ෂ 17ක් වටිනා රන් භාණ්ඩ සහ මුදල් සොරාගත් කාන්තාවක අද(15) අත්අඩංගුවට ගත් බව කිරුළපන පොලිසිය කියයි.
රන් භාණ්ඩ සොරාගත් බව නොහැඟවීමට ඊට සමාන ව්‍යාජ භාණ්ඩ එම ස්ථානයේ තබා ඇතැයිද පොලිසිය පවසයි.
කාන්තාවක් තම බැංකු කාඩ්පත අස්ථානගත වී ඇති බවට පොලිසියට පැමිණිල කර තිබූ බවද, අදාළ බැංකුවේ මුදල් ගැනීමේ යන්ත්‍රය අසළ තිබූ සී.සී.ටී.වී. කැමරා දර්ශන අනුව, පැමිණිලිකාරියගේ නේවාසිකාගාරයේ කාන්තාව ඉන් මුදල් ලබාගන්නා අයුරු එහි වූ බවද පොලිසිය පවසයි.
මාස 6ක පමණ කාලයක් නිවසේ රැඳී සිටි එම කාන්තාව බැංකු කාඩ්පතින් අවස්ථා කිහිපයකදී රුපියල් 329,000ක මුදලක්ද වංචනිකව ලබාගෙන ඇතැයිද පොලිසිය අනාවරණය කරගෙන ඇත.
සැකකාරිය අලුත්කඩේ අංක 3 අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd