IMG-LOGO

2025 දෙසැම්බර් මස 15 වන සඳුදා


නේවාසිකව රැඳී සිටිමින් ලක්ෂ 17ක රන්බඩු - මුදල් සොරාගත් කතක් අල්ලයි

(ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න)
 
මුදල් අමාත්‍යංශයේ විශ්‍රාමික නිලධාරිනියකට අයත් නේවාසික නිවසක රැඳී සිටිමින් එහි තිබූ රුපියල් ලක්ෂ 17ක් වටිනා රන් භාණ්ඩ සහ මුදල් සොරාගත් කාන්තාවක අද(15) අත්අඩංගුවට ගත් බව කිරුළපන පොලිසිය කියයි.
 
රන් භාණ්ඩ සොරාගත් බව නොහැඟවීමට ඊට සමාන ව්‍යාජ භාණ්ඩ එම ස්ථානයේ තබා ඇතැයිද පොලිසිය පවසයි.
 
කාන්තාවක් තම බැංකු කාඩ්පත අස්ථානගත වී ඇති බවට පොලිසියට පැමිණිල කර තිබූ බවද, අදාළ බැංකුවේ මුදල් ගැනීමේ යන්ත්‍රය අසළ තිබූ සී.සී.ටී.වී. කැමරා දර්ශන අනුව, පැමිණිලිකාරියගේ නේවාසිකාගාරයේ කාන්තාව ඉන් මුදල් ලබාගන්නා අයුරු එහි වූ බවද පොලිසිය පවසයි.
 
මාස 6ක පමණ කාලයක් නිවසේ රැඳී සිටි එම කාන්තාව බැංකු කාඩ්පතින් අවස්ථා කිහිපයකදී රුපියල් 329,000ක මුදලක්ද වංචනිකව ලබාගෙන  ඇතැයිද පොලිසිය අනාවරණය කරගෙන ඇත.
 
සැකකාරිය අලුත්කඩේ අංක 3 අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.



අදහස් (0)

නේවාසිකව රැඳී සිටිමින් ලක්ෂ 17ක රන්බඩු - මුදල් සොරාගත් කතක් අල්ලයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 740 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 565 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 454 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site