රුහුණු සරසවියේ වැල්ලමඩම පරිශ්‍රය වසාදැමීමට විරෝධතාවක් උළුවිටිකේ පිහිටි සම සෞඛ්‍ය පීඨ ශිෂ්‍ය සංගමය විසින් සංවිධානය කරන ලද විරෝධතාවක් කරාපිටිය රුහුණු විශ්වවිද්‍යාලයීය වෛද්‍ය පීඨය ඉදිරිපිටදී අද(11) පැවැත්විණි. 11 July 2019
ඇමෙරිකානු හමුදා කඳවුරක් ත්‍රි‘මලේ ස්ථාපිත කිරීමට යතියි උද්ඝෝෂණයක් ඇමෙරිකාවට - ත්‍රිකුණාමලයේ ඉඩම් අක්කර 33000ක් ලබාදි ඇමෙරිකානු යුද කඳවුරක් ත්‍රිකුණාමලයේ ස්ථාපිත කිරීමට යන බව කියමින් නැගෙනහිර මහජන සන්ධානය අද (11) ත්‍රිකුණාමලය නගරයේ උද්ඝෝෂණයක් පැවැත්වීය. 11 July 2019
විශ්වාසභංගයට සහය නොදෙන්නැයි ඉල්ලා උද්ඝෝෂණයක් ජනතා විමුක්ති පෙරමුණ විසින් රජයට එරෙහිව ඉදිරිපත් කර ඇති විශ්වාසභංගයේ දී දෙමළ ජාතික සන්ධානය රජයට සහය නොදෙන ලෙස බල කරන උද්ඝෝෂණයක් අද (11) දෙමළ සන්ධාන නායක පාර්ලිමේන්තු මන්ත්‍රි ආර්.සම්බන්ධන් මහතාගේ ත්‍රිකුණාමලය තැපැල් කාර්යාල පාරේ පිහිටි නිවස ඉදිරිපිටදි පැවැත්විණි. 11 July 2019
අම්පාර පාසලක මව්පියෝ උද්ඝෝෂණයක් අම්පාර ඩී.එස්.සේනානායක ජාතික පාසලේ අවදානම් සහිත දෙමහල් ගොඩනැගිලි සංකීර්ණය වහාම ඉවත් කර එහි ඉගෙනුම ලබන තම දරුවන්ගේ ජීවිත අවදානම වළක්වා දෙන ලෙස බලධාරීන්ට බල කරමින් අද (11) උදෑසන මව්පියවරු පිරිසක් එම විදුහල ඉදිපිටදී උද්ඝෝෂණයක නිරතවූහ. 11 July 2019
ලංකා ධීවරයන් 24 දෙනෙක් මාලදිවයින් අත්අඩංගුවට ගාල්ල හා අම්බලන්ගොඩ ධීවර වරායන්වලින් මුහුදු ගිය බහුදින යාත්‍රා හතරක් සමඟ ධීවරයින් 24 දෙනෙකු මාලදිවයින වෙරළ ආරක්ෂකයින් විසින් අත්අඩංගුවට ගෙන ඇති බව ධීවර හා ජල සම්පත් දෙපාර්තුමේන්තුව පවසයි. 11 July 2019
විලච්චියේ වට්ටක්කා ගොවීන්ගේ අතමිට සරුවේ වට්ටක්කා වගාවෙන් සරු අස්වැන්නක් ලැබීමත් මිල ඉහළ යාමත් හේතුවෙන් තම අතමිට සරු වී ඇති බව මහ විලච්චිය වාරිමාර්ග ව්‍යාපාරයේ ගොවීහු පවසති. 11 July 2019
හෙරොයින් ප්‍රවාහනය කළ දෙදෙනෙක් අත්අඩංගුවට පොලිස් විශේෂ කාර්ය බළකායේ කල්මුණේ කඳවුරේ නිලධාරීන් විසින් ඔලුවිල් ප්‍රදේශයේ හදිසි මාර්ග බාධකයක් යොදා කරන ලද සෝදිසි මෙහෙයුමකදී හෙරොයින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගනු ලැබීය. 11 July 2019
හැඹිලි දැල් දැමූ ධීවරයෝ 7 ක් කොටුවෙති කල්පිටිය උච්චිමුණේ දූපත ආසන්න මුහුදේ බල පත්‍ර රහිතව හැඹිලි දැලින් ධීවර මෙහෙයුම්වල නිරත වූ ධීවරයින් හත්දෙනෙකු දැල් කට්ටල තුනක්, ධීවර යාත්‍රා සහ එන්ජින් තුනක් සමඟ කල්පිටිය විජය නාවුක හමුදා කඳවුරේ නිලධාරීන් විසින් අද (10) අත්අඩංගුවට ගෙන පුත්තලම ධීවර හා ජලජ සම්පත් කාර්යාලය වෙත භාර දී ඇත. 10 July 2019
ගිනි අවි දෙකක් - සමඟ දෙදෙනෙක් අත්අඩංගුවට තණමල්විලදී ගිනි අවි දෙකක් සමඟ දඩයමේ යමින් සිටි පුද්ගලයන් දෙදෙනෙකු තංගල්ල කොට්ඨාස සංවිධානාත්මක අපරාධ මැඩලීම් ඒකකයේ නිලධාරීන් විසින් අද (10) පස්වරුවේ අත්අඩංගුවට ගෙන තිබේ. 10 July 2019
බඹර ප්‍රහාරයකින් වතු කම්කරුවන් 45 ක් රෝහලේ වතු කම්කරුවන් පිරිසකට අද (10) එල්ල වූ බඹර ප්‍රහාරයක් හේතුවෙන් 45 දෙනෙක් තුවාල ලබා මස්කෙළිය ප්‍රාදේශිය රෝහල වෙත ඇතුළත් කර තිබේ. 10 July 2019
අලහැර ප්‍රා.සබේ ශ්‍රීලනිප මන්ත්‍රීවරයකු රිමාන්ඩ් ඇලහැර ප්‍රාදේශීය සභාවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරයකු ජුලි 15 දා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස හිඟුරක්ගොඩ මහේස්ත්‍රාත් සනත් නානායක්කාර මහතා අද (10) නියෝග කළේය. 10 July 2019
කොට්ටුකච්චියේ කුඹුරු අක්කර 1000 කට ජල හිඟයක් පවතින දැඩි නියං සහිත කාලගුණ තත්වය හේතුවෙන් කොට්ටුකච්චිය කෙමන්වැටිය පැරකුම් ගොවි සංවිධානය යටතේ මෙවර වගා කළ කුඹුරු අක්කර 1000ට ආසන්න ප්‍රමාණයක් ජල හිඟයකට මුහුණ පා ඇති බව ගොවීහු පවසති. 10 July 2019
හොර ආයුර්වේද මධ්‍යස්ථානයක් පැවැත්වූ වෛද්‍යවරයෙක් අත්අඩංගුවට ආයුර්වේද දෙපාර්තුමේන්තුවේ ලියාපදිංචි නොවී ආයුර්වේද වෛද්‍යවරයකු වශයෙන් පෙනී සිටිමින් හැටන් නගරයේ ආයුර්වේද මධ්‍යස්ථානයක් පවත්වාගෙන ගිය ව්‍යාජ වෛද්‍යවරයකු හැටන් පොලිසිය මගින් අද (10) අත්අඩංගුවට ගනු ලැබීය. 10 July 2019
මොරගහකන්ද රක්ෂිතයේ සතුන් දඩයම ඉහළට මොරගහකන්ද රක්ෂිත ප්‍රදේශයන්හි සිදුවන වන සතුන් දඩයම මේ දිනවල ඉහළ ගොස් ඇතැයි අඹන ප්‍රදේශවාසීහු කියාසිටිති. 10 July 2019
සන්නද්ධ සේවා විශ්‍රාමිකයන්ගේ වැටුප් විෂමතාව සකස් කර නැහැ සන්නද්ධ සේවා විශ්‍රාමිකයන්ගේ විශ්‍රාම වැටුප් විෂමතාවය සකස් කිරීම සඳහා අවශ්‍ය උපදෙස් ලැබී නැතැයි කියමින් එම වැටුප් සකස්කිරීම ඇතැම් ප්‍රාදේශීය ලේකම් කාර්යාල මගින් අත්හිටුවා ඇතැයි එම විශ්‍රාමිකයෝ චෝදනා කරති. 10 July 2019
අ’පුර විශ්වවිද්‍යාල විද්‍යායතනයේ සිසුහු වහලයට නැග විරෝධය දක්වති අනුරාධපුර විශ්වවිද්‍යාල විද්‍යායතනයේ සිසුසිසුවියෝ ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් අද(10) එම විද්‍යායතනයේදී උද්ඝෝෂණයක නිරත වූහ. 10 July 2019
පුද්ගල ඝාතනයකට දෙදෙනෙකු අත්අඩංගුවට ඇල්පිටිය අනුරුද්ධගම ප්‍රදේශයේදී පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කිරීම සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනෙකු ඇල්පිටිය පොලිසිය අත්අඩංගුවට ගෙන ඇත. 10 July 2019
කුඩාහල්මිල්ලෑව නිවාසවලට වල් අලින්ගෙන් හානි මැදවච්චිය පූනෑව කුඩාහල්මිල්ලෑව ප්‍රදේශයට අද (10) අලුයම කඩා වැදුණු වල් අලි රංචුවක් විසින් නිවාස කිහිපයකට දැඩි හානි සිදුකර වී ඇතුළු වගා හානි රැසක් සිදු කර පලා ගිය බව ගම්වැසියෝ පවසති. 10 July 2019
පන්නල විහාරස්ථානයකින් පිත්තල දේව ප්‍රතිමාවක් සොරකම් කරලා පන්නල - පන්නරය ප්‍රදේශයේ පිහිටි ශ්‍රී බෝධිමාලකාරාම පුරාණ විහාරස්ථානයේ දේවාල කුටියේ තැන්පත්කර තිබූ පිත්තලෙන් නිමකරන ලද පැරණි දේව ප්‍රතිමාවක් අද (09) සොරකම්කර ඇති බව පන්නල පොලිසිය කියයි. 09 July 2019
රුහුණු සරසවියේ ගැටුමකින් 16 ක් රෝහලේ රුහුණ විශ්ව විද්‍යාලයේ සිසුන් පිරිසක් හා එහි අනධ්‍යයන කාර්ය මණ්ඩලයේ සේවකයින් පිරිසක් අතර අද (9) දහවල් ඇති වූ ගැටුමක දී දෙපාර්ශ්වයේම තුවාල ලැබු බව කියන 16 දෙනෙකු මාතර මහ රෝහලට ඇතුළත් කර ඇති බව මාතර මූලස්ථාන පොලීසිය පවසයි. 09 July 2019
යතුරුපැදිය පෙරළී තරුණියක් මරුට ඇල්ල වැල්ලවාය මාර්ගයේ කරඳගොල්ල ප්‍රදේශයේ දී අද (9) දහවල් යතුරුපැදියක් අනතුරට ලක්වීමෙන් එහි පසුපස අසුනේ ගමන්ගත් තරුණියක මියගිය බව ඇල්ල පොලීසිය පවසයි. 09 July 2019
ගොවිජන සේවා මධ්‍යස්ථාන නවීකරණයට පියවර දිවයින පුරා පිහිටි සියලු ගොවිජන සේවා මධ්‍යස්ථාන මේ වසර තුළදී නවීකරණය කිරීමට රජය තීරණය කර ඇත. 09 July 2019
රිටිගල රක්ෂිතයේ ඉඩම් කොල්ලයක් රජයේ ඉඩමක දස වසරක් භුක්ති වින්දහොත් සින්නක්කර ඔප්පුව ලබාදෙන රජයේ වැඩසටහනට යටතේ ඉඩම් ලබාගැනීමේ අරමුණ ඇතිව ව්‍යාජ ලෙස රජයේ රක්ෂිත අත්පත් කරගන්නා මහා පරිමාණ ජාවාරමක් ඓතිහාසික රිටිගල කඳු පාමුළ ගනේවල්පොල කඳුබොඩ ප්‍රදේශයේ ක්‍රියාත්මක වන බව තොරතුරු අනාවරණය වී තිබේ. 09 July 2019
කතරගම වැටලීමකින් සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට රුහුණු කතරගම ඇසල මහා පෙරහරට සමගාමීව කතරගම අවට ප්‍රදේශවල අද (9) අලුයම සිදුකළ විශේෂ මෙහෙයුමකදී මෙරට නිෂ්පාදිත ගිනි අවි 3 ක් සමඟ පුද්ගලයින් තිදෙනෙකු තංගල්ල කොට්ඨාස සංවිධානාත්මක අපරාධ මැඩලීම් ඒකකයේ නිලධාරින් විසින් අත්අඩංගුවට ගනු ලැබීය. 09 July 2019
අ‘පුර බන්ධනාගාරයේ රාජකාරිවලට නිලධාරීන් ප්‍රමාණවත් නෑ අනුරාධපුර බන්ධනාගාරයේ රාජකාරි සඳහා ප්‍රමාණවත් නිලධාරීන් නොමැති කමින් තමන් දැඩි දුෂ්කරතාවයකට පත්ව ඇතැයි බන්ධනාගාර නිලධාරිහු පවසති. 09 July 2019
බදගිරිය වැවේ පාවෙමින් තිබූ මළ සිරුරක් සොයා ගනී ප්‍රදේශවාසීන්ගේ දැනුම් දිමකට අනුව හම්බන්තොට බදගිරිය වැවේ පාවෙමින් තිබූ පුද්ගල මළ සිරුරක් අද (9) සොයා ගත් බව හම්බන්තොට පොලීසිය පවසයි. 09 July 2019
ධීවරයින් 5ක් ගංජා සමඟ අත්අඩංගුවට බහුදින ධීවර යාත්‍රාවක ගංජා මත්ද්‍රව්‍ය තබාගෙන සිටි ධීවරයින් පස්දෙනෙකු ශ්‍රී ලංකා නාවික හමුදාවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන අද (09) දහවල් ගාල්ල ධීවර වරාය වෙත ගෙනැවිත් වරාය පොලිසියට බාර දෙන ලදී. 09 July 2019
කැටබුලාවේ තාවකාලික පාලම කඩා වැටීමේ අවදානමක කොත්මලේ ප්‍රාදේශීය සභාව යටතේ පාලනය වන කැටබුලාව ප්‍රදේශයේ කොත්මලේ ඔය හරහා ඉදිකර ඇති තාවකාලික පාලම කඩාවැටීමේ අවදානමක් පවතින බැවින් ඒ වෙනුවට ස්ථිර පාලමක් ඉදිකර දෙන ලෙස ප්‍රදේශවාසීහු ඉල්ලා සිටිති. 09 July 2019
කොටගල ප්‍රා. සබේ මන්ත්‍රීවරු කළු පටි පැළඳ එති කොටගල ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ඇතුළු පාලන පක්ෂයේ මන්ත්‍රීවරුන් කළු පටි පැළඳ සභාවට පැමිණීම හේතුවෙන් සභාව තුළ උණුසුම්කාරී තත්ත්වයක් ඇති විය. 09 July 2019
ස්පෙක්ට්‍රම් යානය ආපසු යයි ශ්‍රී ලංකාවට පැමිණ තිබූ භූ ගර්භ පරීක්ෂාවන් සිදුකළ හැකි දකුණු අප්‍රිකාවට අයත් ’’ ස්පෙක්ට්‍රම් ’’ ගුවන් යානය අද (9) මාලදිවයින බලා පිටත්ව ගොස් තිබේ. 09 July 2019
මුහුදේ පාවෙමින් තිබු විනාශ වු යානයක කොටස් හමුවෙයි සාම්පූර්, මලෙයි මුන්දල් නාවික කදවුරට ආසන්න මුහුදේ පාවෙමින් තිබූ පුපුරා ගිය හෝ විනාශ වී ගිය බවට සැක කරන රොකට්ටුවක හෝ ගුවන් යානයක කොටස් කිහිපයක් ඊයේ (28) ධීවර පිරිසක් විසින් සොයාගෙනතිබේ.. 29 December 2025