(රංජිත් රාජපක්ෂ)
කොටගල ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ඇතුළු පාලන පක්ෂයේ මන්ත්‍රීවරුන් කළු පටි පැළඳ සභාවට පැමිණීම හේතුවෙන් සභාව තුළ උණුසුම්කාරී තත්ත්වයක් ඇති විය.
කොටගල ප්‍රාදේශීය සභාවේ සභාපති රාජමණි ප්‍රසාද් (ලංකා කම්කරු පක්ෂය) මහතාගේ ප්‍රධානත්වයෙන් අද (09) මාසික සභා රැස්විම පැවැත්වුණි.
සභා වාරයට එම සභාවේ සභාපතිවරයා ඇතුළු එම පක්ෂයේ මන්ත්‍රීවරු 5 දෙනෙක්, ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරියක් ඇතුළු 7 දෙනෙක් කළු පටි පැළඳ සභාවට පැමිණියහ.
වතු කම්කරුවන්ට රජය මගින් රුපියල් 50 ක වැටුපක් ලබාදෙන බව පැවසුවත්, එය මෙතෙක් ලබා දී නොමැති බවත්, එම මුදල ලබාදීමට රජය සමඟ එක් ව කටයුතු කරන වතුකරයේ දේශපාලනඥයන් නිහඬ ප්‍රතිපත්තියක් අනුගමනය කරන බවත් කොටගල ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා සභාව හමුවේ පැවසීය.
සභාපතිවරයාගේ එම ප්‍රකාශයත් සමග එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරුන් සිව්දෙනෙකු සභාව තුළ නොසන්සුන්කාරීව හැසිරෙමින් පැවසුවේ වතු කම්කරුවන්ට රජය මගින් වැඩි කළ රුපියල් 50 මුදල හිඟ මුදල ද සමඟ ලබාදීමට මේ වනවිට එම දේශපාලඥයින් කටයුතු කරමින් සිටින බවයි.
වතු කම්කරුවන්ගේ වැටුප් වැඩි කිරීම සම්බන්ධයෙන් පසුගිය දා වතු හාම්පුතුන්ගේ සංගමය සමග අවබෝධතා ගිවිසුමකට එළඹි වතු එකාබද්ධ වෘත්තීය සමිතිය වතුකම්කරුවන්ව පවා දී ඇති බවද ඔවුහු පැවසූහ.
එවන් අවස්ථාවක එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන වතුකරයේ දේශාපාලනඥයන් රජය සමග සාකච්ඡා කර වතු හාම්පුතුන් වැඩි කළ වැටුපට අමතරව රුපියල් 50 ක දීමනාවක් වැටුපට ලබාදීමට එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන වතුකරයේ වෘත්තිය සමිති නායකයින් කටයුතු කරමින් සිටින බවද ඔවුහු කීහ.




2025 දෙසැම්බර් මස 04
741
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
566
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
454
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
කොටගල ප්‍රා. සබේ මන්ත්‍රීවරු කළු පටි පැළඳ එති