IMG-LOGO

2025 ජුනි මස 08 වන ඉරිදා


කුඩාහල්මිල්ලෑව නිවාසවලට වල් අලින්ගෙන් හානි

(රොමේෂ් මධුෂංඛ)

මැදවච්චිය පූනෑව කුඩාහල්මිල්ලෑව ප්‍රදේශයට අද (10) අලුයම  කඩා වැදුණු වල් අලි රංචුවක් විසින් නිවාස කිහිපයකට දැඩි හානි සිදුකර වී ඇතුළු වගා හානි රැසක් සිදු කර පලා ගිය බව ගම්වැසියෝ පවසති.

කුඩාහල්මිල්ලෑව ප්‍රදේශයට ඇතුළු වූ වන අලි රංචුවක් විසින් පළමුව ප්‍රදේශයේ වගා හානි රැසක් සිදුකර  ඇති අතර පසුව නිවාස වෙතට ද හානි සිදු කර පලා ගොස් තිබේ.

කුඩාහල්මිල්ලෑවේ පදිංචි ජේ.සමරසිංහ නැමති වැසියාගේ ගෙවත්තට ඇතුළු වූ වන අලි රංචුව විසින් ගෙවත්තේ තිබූ පොල් පැළ 30 කට ආසන්න ප්‍රමාණයක් විනාශ කර ඇත.

නිවසේ බිත්තිය පෙරළා නිවස තුළ තිබූ වී මිටි කඩා වී ගෝනි බී පලා ගිය බවත් නිවැසියන් ජීවිත ආරක්ෂාව වෙනුවෙන් පලා ගිය බවද ඔහු පැවසීය.

මේ පිළිබඳව අවස්ථා කිහිපයකදී වනජීවී නිලධාරීන් දැනුවත් කළද කිසිවෙකුත් අවධානයක් යොමු නොකරන බවත් මෙලෙසින් වන අලින් ඉදිරියටත් ගම් වදින්නේ නම් ජීවිත හානි ද සිදුවිය හැකි බව  කුඩාහල්මිල්ලෑව වැසියෝ චෝදනා කරති.

එමෙන්ම වන අලින් විසින් හානි කරන ලද වගාවන් හා නිවාස වෙතට වන්දියක් හෝ ලබා දීමට බලධාරීන් පියවර ගත යුතු බවටද කුඩාහල්මිල්ලෑව වැසියෝ වැඩිදුරටත් කියාසිටිති.



අදහස් (0)

කුඩාහල්මිල්ලෑව නිවාසවලට වල් අලින්ගෙන් හානි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 580 0
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 340 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 485 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

Our Group Site