(රංජිත් රාජපක්ෂ)
කොත්මලේ ප්‍රාදේශීය සභාව යටතේ පාලනය වන කැටබුලාව ප්‍රදේශයේ කොත්මලේ ඔය හරහා ඉදිකර ඇති තාවකාලික පාලම කඩාවැටීමේ අවදානමක් පවතින බැවින් ඒ වෙනුවට ස්ථිර පාලමක් ඉදිකර දෙන ලෙස ප්‍රදේශවාසීහු ඉල්ලා සිටිති.
මහවැලි ගඟට ජලය ගලා බස්නා කොත්මලේ ඔය හරහා ඉදිකර තිබූ ස්ථිර පාලම මීට වසර දෙකකට පෙර නාවලපිටිය ප්‍රදේශයට බලපෑ ගංවතුර තත්ත්වය හේතුවෙන් කැඩී විනාශ වී ඇත. මේ හේතුවෙන් ප්‍රදේශයේ ජනතාව එක් වී උණ බම්බු යොදා ගනිමින් තාවකාලික පාලමක් ඉදි කරගෙන තිබිණි. එම පාලමද මේ වන විට කඩාවැටීමේ අවදානමක් පවතින බැවින් මගී ජනතාවගේ ජීවිතද අනතුරක පවතින බව ප්‍රදේශවාසීහු පවසති.
කැටබුලාවත්ත උඩ කොටස, කොලපතන, තලපතන, ගොන්ගාල, පැටගන් යන ගම්මාන රැසක 2,000කට ආසන්න මගී සංඛ්‍යාවක් දිනපතා නාවලපිටිය නගරයට පිවිසමට ඇති කෙටි මාර්ගය වශයෙන් මෙම තාවකාලික පාලම භාවිතා කරති.
කොත්මලේ ඔය හරහා ස්ථිර පාලමක් ඉදිකිරීමට රුපියල් එක්කෝටි විසි පන්දහසක ප්‍රතිපාදන වෙන්කරගෙන මාර්ග සංවර්ධන අධිකාරිය මගින් ඒ සඳහා ටෙන්ඩර් පත් කැඳවා ඇතත් පාලමේ ඉදිකිරීම් කටයුතු මේ වනතෙක් ආරම්භ කර නොමැති බව කොත්මලේ ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රී එස්. මුතුකුමාර මහතා කියාසිටියි.
එළඹෙන වැසි සමයට පෙර මෙම පාලමේ ඉදිකිරීම් කටයුතු ආරම්භ කරන ලෙසත්, දැනට ඉදි කර ඇති උණ බම්බු සහිත තාවකාලික පාලම කැඩී ගියහොත් තම ගමනාන්තය දක්වා යාමට කිලෝමීටර් 4 කට වඩා වැඩිදුරක් විකල්ප මාර්ග ඔස්සේ ගමන් කිරීමට සිදුවන බවත් ප්‍රදේශවාසීහු පවසති.
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
කැටබුලාවේ තාවකාලික පාලම කඩා වැටීමේ අවදානමක
naradha Tuesday, 09 July 2019 09:50 AM
නගරවල ගුවන් පාලම් සාදන එක නවත්වා, ගම් වල තිබෙන මේ ඒදඬු වලට සරල පාලම් සදා දිය යුතුයි.