IMG-LOGO

2025 සැප්තැම්බර් මස 27 වන සෙනසුරාදා


හොර ආයුර්වේද මධ්‍යස්ථානයක් පැවැත්වූ වෛද්‍යවරයෙක් අත්අඩංගුවට

(රංජිත් රාජපක්ෂ)

ආයුර්වේද දෙපාර්තුමේන්තුවේ ලියාපදිංචි නොවී ආයුර්වේද වෛද්‍යවරයකු වශයෙන් පෙනී සිටිමින් හැටන් නගරයේ ආයුර්වේද  මධ්‍යස්ථානයක් පවත්වාගෙන ගිය ව්‍යාජ වෛද්‍යවරයකු හැටන් පොලිසිය මගින් අද (10) අත්අඩංගුවට ගනු ලැබීය.

ආයුර්වේද දෙපාර්තුමේන්තුවේ ලියාපදිංචි වී ඇති ආයුර්වේද වෛද්‍යවරයකුගේ ලියාපදංචි අංකය යටතේ සැකකරු හැටන් බස් නැවතුම්පොළ භූමියේ මෙම ආයුර්වේද මධ්‍යස්ථානය කාලයක් තිස්සේ පවත්වාගෙන ගොස් ඇති බව සිදු කළ පරීක්ෂණවලදී අනාවරණය වී ඇති බව හැටන් පොලිසිය පවසයි.

අස්ථි බිදීම් ඇතුළු විවිධ රෝග සඳහා ආයුර්වේද ප්‍රතිකාර සැකකරු විසින් සිදු කර ඇති අතර ප්‍රතිකාර දිම සඳහා සැකකරුගේ වෛද්‍ය මධ්‍යස්ථානයේ තිබී ප්‍රතිකාර ලබාදිම සදහා උපයෝගි කරගත් උපකරණ සහ ආයුර්වේද ඖෂධ ගණනාවක් ද පොලිස් බාරයට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරු හැටන් මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.



අදහස් (0)

හොර ආයුර්වේද මධ්‍යස්ථානයක් පැවැත්වූ වෛද්‍යවරයෙක් අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 32368 39



රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14877 10


මේවාටත් කැමතිවනු ඇති

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 99 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 378 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1306 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

Our Group Site