IMG-LOGO

2025 සැප්තැම්බර් මස 27 වන සෙනසුරාදා


විලච්චියේ වට්ටක්කා ගොවීන්ගේ අතමිට සරුවේ

(දයාරත්න ඇඹෝගම)
 
වට්ටක්කා වගාවෙන් සරු අස්වැන්නක් ලැබීමත් මිල ඉහළ යාමත් හේතුවෙන් තම අතමිට සරු වී ඇති බව මහ විලච්චිය වාරිමාර්ග ව්‍යාපාරයේ ගොවීහු පවසති.
 
පසුගිය මාස් කන්නයේ වෙළඳපලේ වට්ටක්කා කිලෝව රුපියල් පහකටවත් අළෙවි කර ගැනීමට ගොවීන්ට නොහැකි විය. ඒ හේතුවෙන් මෙවර ගොවීන් වැඩි පිරිසක් වට්ටක්කා වගාවෙන් ඉවත්වී වෙනත් අතුරුබෝග වගාකිරීමට යොමුවී තිබිණි. වට්ටක්කා වගාවෙන් ඉවත්වීම සම්බන්ධයෙන් එම ගොවියෝ පසුතැවිල්ලෙන් සිටියහ.
 
මෙවර මහ විලච්චිය ව්‍යාපාරයේ අක්කර 250කට ආසන්න භූමි ප්‍රමාණයක ගොවියන් විසින් වට්ටක්කා වගා කර ඇති බව මහ විලච්චිය පේමඩුව ගොවිජන සෙවා මධ්‍යස්ථානයේ නිලධාරියෙක් පැවසීය. වට්ටක්කා ගොවියෝ අක්කරයකින් රුපියල් ලක්ෂ දහයකට ආසන්න ආදායමක් මේවන විට ලබා සිටිති.
 
මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් මහ විලච්චිය එකාබද්ධ ගොවි සංවිධානයේ සභාපති ආර්. එස්. එම්. එකනායක මහතා මෙසේ පැවසීය.
 
“පසුගිය කන්නවල වට්ටක්කා කිලෝව රුපියල් පහකටවත් අළෙවි කරගන්න අපහසු වුණා. දැන් වෙළඳපලේ වට්ටක්කා කිලෝව රුපියල් 70ට පහසුවෙන් අළෙවි කිරීමට හැකිවී තිබෙනවා” යැයිද හෙතෙම පැවසීය.

 



අදහස් (1)

විලච්චියේ වට්ටක්කා ගොවීන්ගේ අතමිට සරුවේ

කරුවලගස්වැව ජයරත්න Thursday, 11 July 2019 07:02 AM

නියමයි අනේ එහෙම තමා වෙන්න. එය ඔය ජනතාව මොනතරම් දහදුක් විදිනවද ගොවිතැනක් කරන්න. ගිය කන්නේ අපි දැක්ක වට්ටක්ක විකුණ ගන්න බැරිව ඒ අය මහපාරේ විදපු දුක් කන්දරාව. කාලෙකින් තමයි මෙහෙම චාන්ස් එකක්එන්නෙ. හැබැයි ඉතිං ගොවීන්ටත් නැති. පාරිභෝගිකයන්ටත් නැති ලාබයක් බොහෝ විට අතර මැදියන් ගන්නව. ( මොකද සිල්ලර මිල ගොඩක් වැඩි ඇති)

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 32369 39



රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14877 10


මේවාටත් කැමතිවනු ඇති

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 99 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 378 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1306 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

Our Group Site